නිවාඩු නොලබා නීත්‍යනුකූල නොවන ආකාරයට හමුදා සේවය අතහැර ගොස් සිටින පුද්ගලයන්ට යළි හමුදා සේවයට ඇතුළුවීමට හෝ නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් වීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් මාසයක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව ජුනි 13 වැනිදා සිට මාසයක කාලයක් ඇතුළතදී ළඟම ඇති හමුදා කඳවුරට හෝ ඒ ඒ හමුදාවන්ට අයත් මූලස්ථාන වෙත පැමිණ මෙම කටයුතු සිදුකර ගැනීමට අවස්ථාව සලසා ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙහිදී දඬුවම් ලබාදීමක් සිදුනොවන බවත් හමුදාවට රුපියල් 10,000 ක අයවීමක් කිරීමට තිබේනම් එයද නිදහස් කරන බවත් එම අමාත්‍යාංශය පැවසී ය. මේ වනවිට යුද හමුදාවේ 25,000 ක්ද, නාවික හමුදාවේ 7136 ක්ද, ගුවන් හමුදාවේ 510ක්ද නීත්‍යනුකූල නොවන අයුරින් හමුදා සේවය අතහැර ගොස් තිබෙන බවද ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙයි.

No comments:
Post a Comment