කොස්ගම සාලාව ප්‍රදේශයට හෙට දිනට වනවිට විදුලිය සැපයීමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ආරක්ෂිත පියවරක් ලෙස විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ඉතා යුහුසුළුව ට්‍රාන්ස්ෆෝමර් 15 ක පමණ විදුලිය විසන්ධි කළ බවත් එය නිවාස 5000ක පමණ ප්‍රමාණයක් බවත් සඳහන් කළ අමාත්‍යවරයා එම නිලධාරීන්ගේ දැඩි කැපවීම සහ ආරක්ෂක හමුදා නිලධාරීන්ගේ සහයෝගයෙන් එම ට්‍රාන්ස්ෆෝමර් 15 න් 10 කට පමණ විදුලිය ලබාදීමට කටයුතු කර ඇති බව පැවසී ය.
ඉතිරි ප්‍රදේශයන්ට විදුලි ලබා දීමට ආරක්ෂක හමුදාව විසින් ඒ ප්‍රදේශ නිරවුල් කරදීමේ අවශ්‍යතාවය තිබෙන බවත් ඉතිරි ට්රන්ස්ෆෝමර්ස් 05න් 4ක් යථාතත්වයට පත්කර දීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම සදහන් කළේය.
“එය විශේෂ වන්නේ එය යථාතත්වයට පත්කළ විට ජල සම්පාදන මණ්ඩලයට අවශ්‍ය විදුලිය ලබාගන්න පුලුවන්. ඒ අනුව අපි අනිද්දා වෙද්දී බලාපොරොත්තු වෙනවා සම්පූර්ණයෙන් යථාතත්වයට පත්කරන්න. සමහර ප්‍රදේශවලට අඩු වෝල්ටීයතාවක් ඇති වෙන්න පුලුවන්. අපි විවිධ උපක්‍රම භාවිතා කරලයි විදුලිය ලබා දෙන්නේ. කෙසේ වුවත් ආරක්ෂක හමුදාවෙන් නිසි අවසරය ලද වහාම දැඩි උනන්දුවෙන් ඉන්නේ මේ තත්වය යථාතත්වයට පත්කරන්න" යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

No comments:
Post a Comment