විද්‍යුත් මාධ්‍ය නියාමන යාන්ත්‍රණයක් එයි! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 8, 2016

විද්‍යුත් මාධ්‍ය නියාමන යාන්ත්‍රණයක් එයි!

විද්‍යුත් මාධ්‍ය නියාමන යාන්ත්‍රණයක් එයි!
විද්‍යුත් මාධ්‍ය නියාමන යාන්ත්‍රණයක් පිහිටුවීම පිළිබඳව අවධානය යොමු වී තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. මෙම ප්‍රමිතිකරණ යාන්ත්‍රණය මඟින් රූපවාහිනී නාලිකාවල විකාශනය වන ළමා වැඩසටහන් පිළිබඳව අවධනය යොමු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

සමහර රූපවාහිනී නාලිකාවල විකාශය වන ළමා වැඩසටහන් නියමිත ප්‍රමිතියෙන් තොර බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඵලදායී ළමා සංවර්ධන වැඩසටහන් ඉදිරිපත් කිරීමේ වැඩපිළිවෙළක් ජනමාධ්‍ය අමාත්‍යාංශය සතුව පවතින බවද පැවසී ය. 

ළමා වැඩසටහන් පිළිබඳව ළමා කටයුතු අමාත්‍යාංශයේ ද අදහස් ලබාගනිමින් ළමා හා කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා වන ලෙස කටයුතු කරමින් නියාමන යාන්ත්‍රණය ඉතාම ඉක්මනින් සකස් කිරීම අවශ්‍ය වන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad