මෙලෝ දැනුමක් නැති, රටේම අප‍්‍රසාදයට ලක් වූ ෆොන්සේකා සමඟ එක ඇමති මණ්ඩලයේ වාඩිවීමට සිදුවීම කණගාටුවක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 7, 2016

මෙලෝ දැනුමක් නැති, රටේම අප‍්‍රසාදයට ලක් වූ ෆොන්සේකා සමඟ එක ඇමති මණ්ඩලයේ වාඩිවීමට සිදුවීම කණගාටුවක්..

ඇමති සරත් ෆොන්සේකා සමග එක කැබිනට් මණ්ඩලයක වාඩිවීමට සිදුවීම කනගාටුවට කරැණක් යයි ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ‍්‍රීලනිප තනතුරකට ගෙන ඒම සම්බන්ධයෙන් තමන් විසින් කල ප‍්‍රකාශය ගැන සරත් ෆොන්සේකා මහතා කල අදහස් දැක්වීම ගැන සෙනෙවිරත්න මහතා කියා සිටියේ කිසිදු දේශපාලනය දැනුමක් නැති, සමාජයේ විශාල අප‍්‍රසාදයකට ලක්ව සිටින ෆොන්සේකා වැනි අය සමග වාඩි වීමට සිදු වීම ගැන කණගාටු වන බවයි.

‘ඔහුට ලැබුනේ කොළඹින් ඡන්ද 5,000යි. ලංකාවෙන්ම ලැබුනේ ඡන්ද 30,000 කටත් අඩුවෙන්. ඔහු රනිල් වික‍්‍රමසිංහ මහත්තයට මල් තියන්න ඕන ජාතික ලැයිස්තුවෙන් ගෙනැවිත් ඇමතිකමක් දුන්නට’.

No comments:

Post a Comment

Post Bottom Ad