හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයට සුදුසු යැයි කවුරුන් කොතැන යෝජනා කළත් ඒ ගැන තීන්දු ගත යුත්තේ මධ්‍යම කාරක සභාව තුළ බව සබරගමුව පළාත් ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා ප‍්‍රකාශ කළේය.
කම්කරු සහ වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්ලිව් .ඩී.ජේ සෙනෙවිරත්න මහතා පසුගියදා කොළොන්න ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අමතමින් පැවසූවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවන නායකයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බවයි.
කෙසේවෙතත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ පසුගිය 06 වැනිදා පැවැති උත්සවයකට එක්වෙමින් සඳහන් කළේ තමන්ට අවශ්‍ය නම් පළමුවැනියා විය හැකි බවත් දෙවැනියාද විය හැකි බවත් වැදගත් වන්නේ රණවිරුවන් සුරකින කණ්ඩායම් සමඟ ඉදිරියට යාම බවත්ය.
තමා විශ්වාස කරන ගරු කරන ප්‍රතිපත්ති තිබෙන බවත් රට ඒකීය රටක් ලෙස ස්වෙරීභාවය ආරක්ෂා කර ගත යුතු බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා එහිදී පැවසී ය.

No comments:
Post a Comment