2016 අයවැය ලේඛනය පාර්ලිමේන්තුව හා මහජනතාව නොමඟ යවා සම්මත කිරීමත්, එකී අයවැය ලේඛනය හුදු ප්‍රලාපයක් බවට පත්කිරීමත් ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් මුදල් ඇමති රවි කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.
දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු විපක්‍ෂයේ සිටින එජනිස මන්ත්‍රීවරුන් 35දෙනකු විසින් රවි කරුණානායක අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත මීට මාස කීපයකට පෙර භාර දෙන ලදී.
ඒ අනුව මෙම විශ්වාසභංග යෝජනාව අද පෙරවරු 9.30 සිට පස්‌වරු 6.30 දක්‌වා විවාද කිරීමට නියමිතය. පස්‌වරු 6.30 ට මුදල් ඇමති රවි කරුණානායක මහතා කෙරෙහි විශ්වාසය ඇති බවට හෝ නැති බවට මන්ත්‍රීවරුන් විසින් සිය ඡන්දය ප්‍රකාශ කිරීම සිදුවේ.
විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ විපක්‍ෂයේ එජනිස මන්ත්‍රී කණ්‌ඩායම සමඟ එක්‌ව ඊට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කරන බව ජනතා විමුක්‌ති පෙරමුණ ප්‍රකාශ කළේය. කෙසේවෙතත් විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ප්‍රමුඛ ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් දහසය දෙනා විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය දෙනවාද නැද්ද යන්න අවසන් මොහොතේදී තීරණය කරන බව ප්‍රකාශ කර තිබේ.
මේ අතර ආණ්‌ඩු පක්‍ෂයේ සියලු මැති ඇමැතිවරුන්ට අද දවසේ පාර්ලිමේන්තුවට සහභාගිවීම අනිවාර්ය කර ඇති අතර විපක්‍ෂයේ සිටින එජනිස මන්ත්‍රීවරුන්ටද එම කණ්‌ඩායමේ ප්‍රධානීන් විසින් අද දවසේ පැමිණීම අනිවාර්ය කර තිබේ.

No comments:
Post a Comment