වැලිමඩ නුගතලාව දිවුරුම්වෙළ පුරාණ විහාරයේ බෝධීන් වහන්සේ කපාදැමීම සම්බන්ධයෙන් මල්වතු මහ විහාරය පැවැත් වූ පරීක්ෂණයකින් අනතුරුව අදාළ විහාරස්ථානයේ විහාරාධිපති ධූරය දැරූ ඌව මහ දිසාවේ ද්වීතික සංඝනායක උණපාන චන්දවිමල හිමියන් එම ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
දිවුරුම්වෙල පුරාණ විහාරයේ බෝධීන් වහන්සේ කපාහෙළීමේ සිද්ධියට අදාළව එහි දායක සභාව විසින් වැලිමඩ ප්‍රාදේශීය ලේකම්වරිය මාර්ගයෙන් ලබාදෙන ලද ඡායාරූප සහිත ලිපි සැලකිල්ලට ගෙන මල්වතු මහ විහාරීය සංඝ සභාව විසින් අදාළ හිමිනම පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීය.
බුදුන්වහන්සේගේ ශාරීරික, උද්දේශික හා පාරිභෝගික යන ත්‍රිවිධ චෛත්‍ය අතරින් එකක් වන බෝධීන් වහන්සේ කපා ලී පිණිස ඉරා ඇතැම් කොටස් පුළුස්සා දැමීමෙන් චන්දවිමල හිමි සිදුකර ඇත්තේ බරපතල ශාසනික අපරාධයක් බවත් එය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් සඳහන් කරමින් මහ නාහිමි ප්‍රමුඛ සංඝ සභාව මෙම තීරණය ගෙන තිබේ.
මහනුවර - කමල් සුරවීර
Tuesday, June 7, 2016
බෝධීන්වහන්සේ කැපූ සැකකාර විහාරාධිපති ධූරයෙන් ඉවතට
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment