පොලිසිය බලා සිටියදි කඩයක් කුඩු කරයි (වීඩියෝ) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 10, 2016

පොලිසිය බලා සිටියදි කඩයක් කුඩු කරයි (වීඩියෝ)

හික්කඩුව ගෝනාපිනුවල නගරයේ පිහිටි විද්‍යුත් උපකරණ අලෙවි කරන වෙළඳසැළක් කිසියම් පිරිසක් විසින් ඊයේ රාත‍්‍රියේ කඩා බිද දමා තිබෙනවා.

මෙම වෙළඳසැළ හෙට දිනයේදි විවෘත කිරීමට නියමිතව තිබුණා. හික්කඩුව බද්දේගම මාර්ගයේ ගෝනාපීනුවල නගරයේ ඉදිකළ නව වෙළඳසැලක් ඊයේ රාතී‍්‍රයේ කිසියම් පිරිසක් විසින් කඩා බිද දමා තිබෙනවා.

විද්‍යුත් උපකරණ වෙළඳසැළක් වු එහි තිබු සියලූම උපකරණ වලට පැමිණි පිරිස බරපතල ලෙස හානිකර තිබුණා. රුපියල් ලක්ෂ 15 කට ආසන්න උපකරණ තොගයක් මෙසේ විනාශ කර දමා ඇති බවයි එහි හිමිකරු පවසන්නේ.

වෙළඳසැළ කඩා බිද දමන අවස්ථාවේ ඒ ආසන්නයේ පොලිස් නිළධාරීන් පිරිසක්ද සිටි බවට සිද්ධිය දුටුවන් චෝදනා කරනවා. කෙසේවෙතත් මේ චෝදනාව අප ගෝනාපීනුවල පොලිස් මුරපොලේ ස්ථානාධිපතිවරයා ප‍්‍රතික්ෂේප කලා.


No comments:

Post a Comment

Post Bottom Ad