වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ මහතාට පහරදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනා මේ මස 21 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අද (14) නියෝග කළේය.
විත්තියේ නීතීඥවරුන් සැකකරුවන්ට ඇප ඉල්ලා සිටියද මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ මාධ්‍යවේදියෙකුට සිදුකළ පහරදීම සුළුකොට තැකිය නොහැකි බැවින් ඇප ප්‍රතික්ෂේප කරන බවයි.
පැමිණිල්ලේ නීතිඥවරයා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටිමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර එහිදි ඔවුන් අවධාරණය කර සිටියේ ප්‍රෙඩී ගමගේ මහතාට හිසට එල්ල වු පහර හේතුවෙන් තවදුරටත් අවැසි වෛද්‍ය පරික්ෂණ සදහා ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ අංක 11 (ඇස කණ නාසය පිළිබද වාට්ටුව) නේවාසිකව ප්‍රතිකාර ලබන බවය.
ඒ පිළිබඳව කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා විසින් වෘත්තීය මාධ්‍යවේදියෙකුට සිදුකළ පහරදීම සුළුකොට තැකිය නොහැකි බවත් එය සමස්ත ප්‍රජාවටම සිදුකළ පහරදීමක් සේ සැලකිය යුතු බවත් සඳහන් කළ අතර විත්තියේ නීතිඥයින් විසින් අයදුම් කළ ඇප යෝජනාවද ප්‍රතික්ෂේප කළේය.
පහරදුන් අවස්ථාවේදී සැකකරුවන් පැළද සිටි වැහි කබා, හෙල්මට්, ජැකට් සහ පොලු රස පරීක්ෂණයට ඉදිරිපත් කිරීම සඳහා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. නඩුව යළි කැඳවන ලබන 21 වනදා සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකටද ඉදිරිපත් කිරීමටද නියමිතයි.

No comments:
Post a Comment