රටේ ආර්ථිකය සම්බන්ධයෙන් මතුවන ගැටලු විසදාගැනීමේ සන්ධිස්ථානයක් බවට මුදල් ඇමති රවි කරුණානායක මහතාට විරුද්ධව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව යොදාගන්නා බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
වැට් බදු වැඩිකිරීම ඇතුළු ජනතාවගේ ආර්ථිකයට බලපාන ගැටලුවලට විසදුම් ලබාගැනීමට සාමූහිකව කටයුතු කළ යුතු බවද එම වගකීම වෙනුවෙන් පෙනී සිටින බවද මුදල් ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබද අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.
මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම නවතාගැනීමට අදාල සාකච්ඡා ආරම්භ කිරීමට මේ වනවිට අවස්ථාව උදාවී තිබෙන බවත් ඒ නිසා මුදල් ඇමැතිවරයාට විරුද්ධව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට සිදුවන බවත් ඔහු පැවසීය.
මූල්‍ය අක්‍රමිකතා පිළිබදව කිසිදු අවස්ථාවක නිහඩව නොසිටින බව පවසන නියෝජ්‍ය ඇමැතිවරයා මහ බැංකු අධිපතිවරයාගේ සේවා කාලය දීර්ඝ නොකරන ලෙස ඉල්ලීමක් කර ඇති බවද සඳහන් කළේය.
මේ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද සඳහන් කළේය.
“මහ බැංකු අධිපතිවරයාගේ සේවා දිගුව පිළිබද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු දැඩි අවධානය යොමු කර තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදීත් මේ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළා. මේ ගැන අපි ජනාධිපතිතුමා සමග මෙන්ම අගමැතිතුමා සමගත් සාකච්ඡා කළා. එහිදී මේ ගැන අවසන් තීරණයක් ගැනීමට නොහැකි වුනා.
පාර්ලිමේන්තුවේදීත් අපි යළිත් හමුවී මේ ගැන සාකච්ඡා කර අවසන් තීරණය ගන්නවා. ජනතාවට බලපාන මූල්‍ය ගැටලු අපි විසදාගත යුතු වෙනවා. මෙය ඒ සදහා ලැබී තිබෙන හොද අවස්ථාවක්. ඒ නිසා ජනතාවගේ පැත්තේ සිට ජනතාවගේ ගැටලු විසදාගැනීමට අපි කටයුතු කරනවා.“

No comments:
Post a Comment