ආණ්ඩුව ඇතුලේ අවුලක්.. විශ්වාස භංගය කල් දැම්මේ ඒකයි..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 8, 2016

ආණ්ඩුව ඇතුලේ අවුලක්.. විශ්වාස භංගය කල් දැම්මේ ඒකයි..?

මුදල් ඇමතිවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබූ විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීම හෙට දිනට කල් දමනු ලබුවේ ආණ්ඩු පක්‍ෂය ඇතුලේ පවතින අර්බුදයක් හේතුවෙන් යයි ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රකාශකයෙක් කියා සිටියේය.

මේ හේතුවෙන් මයික් සම්බන්ධ අර්බුදයක් ඇති කර එම අර්බුදය පියමං කර ගැනීමට කටයුතු කරමින් ඇතැයිද ඔහු පැවසීය.

මේ අතර මෙම විවාදය සඳහා ඒකාබද්ද විපක්‍ෂයේ සියළු කතිකයන්ට වෙන් කර තිබුනේ පැය බාගයක කාලයක් පමණක් යයිද කී ඔහු විශ්වාස භංගය ඉදිරිපත් කරනු ලැබූ පාර්ශ්වයට මෙතරම් අඩු කාලයක් ලබා දීම ලිච්චවි පාලනයේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයදැයි නොදන්නා බවද කීය
.

No comments:

Post a Comment

Post Bottom Ad