මෙරටින් කෝටි 1600ක මසුන් යුරෝපයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 11, 2016

මෙරටින් කෝටි 1600ක මසුන් යුරෝපයට

මෙරටින් කෝටි 1600ක මසුන් යුරෝපයට
මෙරටින් කෝටි 1600ක් වටිනා මසුන් ලබන මාසයේ සිට යුරෝපයට යැවීමට කටයුතු කරන බවත් යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කරගැනීමට හැකි වුණේ සාමූහිකව කටයුතු කළ නිසා බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි. ඒ සම්බන්ධව අදහස් දැක්වූ ධීවර අමාත්‍යවරයා, " යුරෝපා මත්ස්‍ය තහනම පැනවීමට යම් යම් දේශපාලන හේතු තිබුණා. මේ ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාම නිසයි, අපට ඒවා ඉවත් කරගැනීමට හැකි වුණේ. සාමූහිකව කටයුතු කළ නිසා මත්ස්‍ය තහනම ඉවත් කර ගන්නට හැකි වුණා.

කෝටි 1600ක මසුන් ලබන මාසයේ සිට රට යන්න පටන් ගන්නවා.මේක ලැබෙන්නේ මට නොවෙයි රටටයි. ජී.එස්.පී. සහනය අපේ රටට ලබාගන්න හැකි වෙනවා.මේ සහනය ලබෙන්නේ ශ්‍රී ලංකා කාරයාටද? යූ.එන්.පී.කාරයටද? නෑ. මුළු රටක් ලෙසයි ලබෙන්නේ."යි පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ  අමාත්‍යවරය ප්‍රකාශ කළේ වර්තමාන ජාතික ආණ්ඩුව ජාත්‍යන්තරය තුළ ඇතිකරගෙන ඇති විශ්වාසය නිසා ජාත්‍යන්තර යුද අධිකරණය පිළිබඳවත් ජිනීවා විදුලි පුටු පිළිබඳවත් වූ ගැටළුකාරී තත්ත්වයන් සමනය කරගැනීමට හැකිවූ බවත් ආණ්ඩුව මේ වනවිට සිදුකරගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමෙන් රට අරාජිකත්වයට, ආපස්සට ගෙන නොයායුතු බවත් ය.

No comments:

Post a Comment

Post Bottom Ad