පසුගියදා දිවයිනට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ කෑගල්ල දිස්ත්‍රික්කයට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් පාසල් ළමුන් 1259 දෙනෙකු තවමත් සහන සේවා කඳවුරු ආශ්‍රිතව සිටින බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එම්.අබේවික්‍රම වනසූරිය මහතා සඳහන් කරයි.
ඔහු කියාසිටින්නේ වයස අවුරුදු 5ට අඩු ළමුන් 370 දෙනෙකු දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත්ව ඇති බව වාර්තා වන බවයි .
එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් පියා පමණක් අහිමි වූ ළමුන් 16 දෙනෙකුත් මව සහ පියා දෙදෙනාම අහිමි වු ළමුන් 04 දෙනෙකුත් ඔවුන් අතර වන බව අබේවික්‍රම වනසූරිය මහතා පැවසුවේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියාසිටියේ එම ළමුන්ගේ අධ්‍යයන කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය පෙළ පොත්, පාසල් උපකරණ ඇතුළු අනෙකුත් දෑ ඔවුන්ට ලබාදීමට රජය සහ පළාත් සභාව එක්ව කටයුතු සිදුකර ඇති බවයි.
Tuesday, June 14, 2016
![](https://1.bp.blogspot.com/-7Kd9qaiRHuA/WaEtZyc70TI/AAAAAAAADsA/7WUYBVoY-UwwjdEP3kDFPvH9htN0dDKgQCLcBGAs/s1600/demo-image.jpg)
පාසල් සිසුන් 1259ක් තවමත් සහන කඳවුරුවල
Tags
# ප්රවෘත්ති
Share This
![Author Image](http://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHGI0Me-r_Rt7ucmJ6nhwibSKurrw3WH8-sE44qNg5HfySBgymP7FDKhGNz9R3lBOCuzzlyYXHJufqkci-Jj5OaSEnZpwIa9bNsH6QdLAz8ccPFF-EEIiu6UlfcIfnmE4/s113/90031a4f8e812dd2a0028c4b11e9d781.jpeg)
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment