අවුරුදු 100ට පෙර මියගිය දැරිය තවමත් දෙනෙත් විවර කරනවා - ලොවක් කළඹන මමිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 9, 2016

අවුරුදු 100ට පෙර මියගිය දැරිය තවමත් දෙනෙත් විවර කරනවා - ලොවක් කළඹන මමිය

කැපුචින් පූජකයින් විසින් ගොඩනගපු අවුරුදු සිය ගණනක් පැරණි කොලිස්ටරයක් සිසිලි රටේ පැලර්මෝ වල පිහිටා තිබෙනවා. 

එම පෞරාණික ගොඩනැගිල්ලේ පහල බිම්ගෙයක මමී 2000ක් විතර තැන්පත් කර තිබෙනවා ඒ අතර රෝසලියා ලොම්බාදෝ නම්වූ නිව්මෝනියා රෝගය හේතුවෙන් 1920දී මියගිය දැරියකගේ මමියකුත් තැම්පත් කර ඇත.

අවුරුදු සියගණනක් පැරණි එම දැරියගේ මෘතදේහය දකින  ඕනෑම කෙනෙකුට ඇය දැන් නැගිටිතියි යන සිතුවිල්ල නැගෙනවා. ඒ තරමටම දේහය වඩාත් හොඳින් ආරක්ෂාවී පවතිනවා.

මෙම කොලිස්ටරය දැකගැනීමට පැමිණෙන බොහොමයක් සංචාරයකින් ඇය දෙනෙත් විවර කරනවා තමන්ගේ ඇස් දෙකෙන්ම දැක තිබෙනවා. විශේෂඥයින් නම් පවසන්නේ, මදක් අඩවන්ව ඇති ඇගේ දෙනෙත් සහ ඒ මතට වැටෙන ආලෝකය නිසා ඇතිවෙන දෘෂ්ටි මායාවක් හේතුවෙන් එවැන්නක් දිස්වෙන බවයි.



No comments:

Post a Comment

Post Bottom Ad