පසුගියදා කොස්ගම, සාලාව යුද හමුදා කඳවුරේ සිදුවූ පිපිරීමෙන් ඒ අවට පිහිටි නිවාස රැසකට බරපතල හානි සිදු වී ඇති බව වාර්තා වේ.
ආරක්ෂක අමාත්‍යංශය තහවුරු කළේ කඳවුර ආසන්නයේ පිහිටි රණවිරු ගම්මානයේ රණවිරු නිවාස 107න් නිවාස 40කට පමණ බරපතල ලෙස හානි සිදුවී ඇති බවත් තවත් නිවාස 60කට පමණ අර්ධ හානි සිදුව ඇති බවත් ය.
එමෙන්ම පිපිරීම හේතුවෙන් විපතට පත්වූ ජනතාවට මෙන්ම ඔවුන්ගේ නිවාස සහ වෙනත් දේපළ යථාතත්ත්වයට පත්කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය කඩිනම් පියවර ගෙන තිබේ.
ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මේ වනවිට හානි වූ රණවිරු නිවාස කඩිනමින් පිළිසකර කිරීමත් , ඔවුන්ගේ ආහාර හා පානීය ජල අවශ්‍යතා සහ අනෙකුත් අවශ්‍යතාවයන් සැපයීමටත් කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

No comments:
Post a Comment