පසුගිය දා පාර්ලිමේන්තුවේ සිදු වූ ගුටි බැට හුවමාරුවට රනිල් සම්පූර්ණයෙන් ම වගකිව යුතු ය. ආගමින් පමණක් බෞද්ධයකු වූ රනිල් බටහිරයන්ගේ කූටෝපක්‍රම ක්‍රියාත්මක කරන්නේ ඔහුට හුරු පුරුදු ඇංග්ලිකන් සංස්කෘතියෙහි ය.
අද පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක ව කතානායක ද රනිල් ය. කරු ජයසූරිය යනු නිවටයෙකි. පාරිලිමේන්තුවේ දී එදා සිදුවූයේ කුමක් ද? පළමු පහර දීම සිදු වී ඇත්තේ කවුරුන් අතින් ද යන්න වීඩියෝ පටයෙන් පෙන්නුම් විය යුතු නමුත් එය තාජුඩීන් සම්බන්ධ වීඩියෝ පටය හෝ සිල්බිඳ ගත් චම්පක සම්බන්ධ වීඩියෝ පටය හෝ මෙන් “විද්‍යාත්මක” වේ ද යන ප්‍රශ්නය ඇත. කෙසේ වෙතත් මෙහි දී අදාළ වන්නේ ගුටි බැට හුවමාරුවට වඩා එතැනට මන්ත්‍රීවරුන් යොමු කළ රනිල් වික්‍රමසිංහගේ ක්‍රියා කලාපය ය.
සිද්ධියට මුල ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහින්ද රාජපක්‍ෂගේ ආරක්‍ෂාව පිළිබඳ ඇසූ ප්‍රශ්නයකිනි. කවුරුත් දන්නා පරිදි මහින්දගේ ආරක්‍ෂාව අඩු කර ඇත. ඔහුටත් දැන් ලැබෙන්නේ ජනාධිපතිට ලැබෙන ආරක්‍ෂාවය යන්න කිසීිම පදනමක් නැති කතාවකි. මහින්ද සමග සංසන්දනය කිරීමට මෛත්‍රිපාල කවු ද? රනිල් කවු ද? සරත් ෆොන්සේකා කවු ද? අද රටේ දෙමළ ජාතිවාදීන්ගේ මරණීය තර්ජනවලට මුහුණ පෑමට සිටින ප්‍රධාන ම පුද්ගලයා මහින්ද ය. මහින්දගේ අඩුපාඩු නැතිවා නොවේ.
ඔහු නන්දිකඩාල් ජයග්‍රහණයට පසුව ඉන්දියාව විසින් අප මත පටවනු ලැබූ දහතුන්වැනි සංශෝධනය හා පළාත් සභා අහොස්ි කළ යුතුව තිබිණි (ගම් සභා, නගර සභා නාගරික සභා ආදී පළාත් පාලන ආයතනවල නියෝජිතයන්ගෙන් සැදුම් ලත් දිස්ත්‍රික් සභා මෙරටට යෝග්‍ය වෙයි). එහෙත් එයට එකම වරදකරුවා ඔහු නො වේ. සමස්ත සිංහල ජාතීිය ම එයට වරදකරු වෙයි.
ප්‍රභාකරන් යනු හුදු ත්‍රස්තවාදියකු නොව දෙමළ ජාතිවාදී දේශපාලනයේ ආයුධ සන්නද්ධ අරගලය මෙහෙය වූ තැනැත්තා බවත් දෙමළ ත්‍රස්තවාදයේ පරාජයත් සමග සමස්ත දෙමළ ජාතිවාදය ම පරාජය වූ බවත් තේරුම් ගැනීමට මහින්දගේ උපදේශකයන්ට අදත් නොහැකි වීම ජාතියේ ම අභාග්‍යකි.
මෛත්‍රිපාලට දෙමළ ජාතිවාදයෙන් කිසිම තර්ජනයක් නැත. රනිල්ට ද සරත් ෆොන්සේකාට ද දෙමළ ජාතිවාදයේ තර්ජන නැත. දෙමළ ජාතිවාදය විසින් ඔවුහු ආරක්‍ෂා කෙරෙති. මෛත්‍රිපාල යොදාගනිමින් රනිල් බලයට පත්කෙරුණේ දෙමළ ජාතිවාදය ඇතිකළ, එය සූරක්‍ෂිත කර පෝෂණය කළ බටහිරයන්, විශේෂයෙන් ම එංගලන්ත සුද්දන් විසිනි. බර්ලින් තාප්පය වැටීමෙන් පසු බටහිරයන්ගේ ගැත්තකු බවට පත් වී ඇති, මෝදිගේ නායකත්වය යටතේ තව තවත් බටහිරට තුරුල් වී ඇති ඉන්දියාව ද එහි දී බටහිරයන් විසින් යොදාගනු ලැබිණි.
ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් හා තොප්පිගල යනු කැලෑවක් පමණක් යැයි යනුවෙන් එදා රනිල් පාර්ලිමේන්තුවේ දී කී දේ මෙදා සරත්ට අමතක වී ඇතැයි සිතිය නො හැකි ය. දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සරත් ෆොන්සේකා හමුදාව මෙහෙය වූ නමුත් ගෝඨාභය රාජපක්‍ෂ සමග ඇති කෝන්තරයකට දෝ සුදුකොඩි සිද්ධියක් ගැන කීමෙන් පසු දෙමළ ජාතිවාදයේ සුරතලකු බවට පත් වී ඇත.
අද සරත් ෆොන්සේකාට ද දෙමළ ජාතිවාදයේ ද බටහිරයන්ගේ ද පූර්ණ ආරක්‍ෂාව හා අනුග්‍රහය ලැබෙන අතර ඔහු වෙල් විදානේ කෙනකු වුවත් එවැන්නකුගේ තත්ත්වයට පත් වී ඇතැයි කීම පැරණි වෙල් විදානේලාට කරන අගෞරවයකි. මහින්ද මෙරට සිංහල බෞද්ධයන් වෙනුවෙන් කර ඇති සේවය විශිෂ්ට ය. ඔහු රනිල්, මෛත්‍රිපාල, සරත් ත්‍රිත්වය සමග සංසන්දනය කළ නො හැකි ය. වෙන කාහටවත් නැති ආරක්‍ෂාවක් මහින්දට දිය යුත්තේ ඔහුගේ මන්ත්‍රීකම හෝ හිටපු ජනාධිපතිකම හෝ සලකා බලා නොව ඔහු කරන ලද සේවයත් ඔහුට බටහිරයන් හා අද ඉන්දියාව විසින් පෝෂණය කෙරෙන දෙමළ ජාතිවාදයෙන් ඇති තර්ජනයත් සලකා බලා ය.
එහෙත් දෙමළ ජාතිවාදයේ සුරතල්ලු ඔහුට ඒ ආරක්‍ෂාව නො දෙති. බටහිරයන්ගේ අරාබි වසන්තය හා වෙනත් වසන්ත අපට අමතක කළ නොහැකි ය. රනිල් බටහිර ඇංග්ලිකන් ප්‍රජාතන්ත්‍රවාදය හොඳින් දනියි. බටහිර ඇංග්ලිකන් ප්‍රජාතන්ත්‍රවාදය යනු පොතට මුවා වී ඒකාධිපතිත්වය ක්‍රියාත්මක කිරීම ය. බටහිර ක්‍රමයට පක්‍ෂ නායකයෝ පක්‍ෂයේ ඒකාධිපතිවරු වෙති. රටේ නායකයෝ රටේ ම ඒකාධිපතිිවරු වෙති. සජිත්ලා කොපමණ බයිලා කීව ද ඔවුන්ට එ ජා පක්‍ෂයේ තැනක් නැත.
සජිත්ට වඩා සරත් ෆොන්සේකා අද රනිල්ට වටියි. දිනේෂ්ගේ ප්‍රශ්නයට රනිල් සුපුරුදු විහිළු කතා කියා මහින්දට මඩ ගැසීමේ කොන්ත්‍රාත්තුව සරත් ෆොන්සේකාට භාර කෙළේ කලින් යොදාගත් සැලැස්මක් අනුව බව පැහැදිලි ය. දිනේෂ්ගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට වෙල් විදානේ ෆොන්සේකාට කිසිම අයිතියක් නැති වුවත් කරු ජයසූරිය රනිල්ගේ අණ පරිදි බව පෙනෙන්නට සලසමින් සරත් ෆොන්සේකාට කතා කිරීමට ඉඩ දී තම නිවටකම ප්‍රදර්ශනය කෙළේ ය.
අවුල හටගත්තේ මේ ඉඩදීම නිසා ය. සරත් ෆොන්සේකා සැලැස්මට අනුව අතින් හෝ යතුරු ලියනයෙන් හෝ ලියා ගෙන ආ පිලිතුරක් කියවී ය. නිල වශයෙන් කරු ජයසූරියට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ යුතු ය. එහෙත් එයට අනෙක් විශ්වාසභංගවලට සිදු වූ දේ ම සිදුවනු ඇත්තේ බටහිර ඇංග්ලිකන් ප්‍රජාතන්ත්‍රවාදයේ රඟ විදහා පාමිනි.
නලින් ද සිල්වා
2016 මැයි 05
Thursday, May 5, 2016
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment