රුපියල් ලක්ෂ 50කට වැඩි වටිනාකමකින් යුතු විදේශ සිගරට් තොගයක් අනවසරයෙන් මෙරටට රැගෙන ආ සැකකරුවන් සිව්දෙනකු අද (05) උදෑසන කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
කටාර් සිට පැමිණි ගුවන් යානයකින් සැකකරුවන් ඉතා සූක්ෂම ලෙස සිය ගමන් මලුවල අසුරා මෙම සිගරට් තොගය රැගෙන ඇති බව ගුවන් තොටුපල වාර්තාකරු පවසයි. දුම්වැටි 1,50,000කට ආසන්න ප්‍රමාණයක් සැකකරුවන් සතුව තිබී රේගු භාරයට ගෙන තිබේ.
TKG කපිල - කටුනායක
No comments:
Post a Comment