ශී‍්‍ර ලංකාව සහ එංගලන්තයේ ලෙස්ටෂයර් ප්‍රාන්ත කණ්ඩායම අතර ලෙසස්ටර්හිදී ඊයේ (13 වැනිදා) ආරම්භවූ තුන්දින තරගයේ පළමු දිනය නිමාවනවිට පළමු ඉනිම ක්‍රීඩා කරන ශී‍්‍ර ලංකාව පිල කඩුලූ 8 ක් දැවී ලකුණු 318 රැස්කිරීමට සමත්විය.
නොදැවි පන්දුවට පහරදෙමින් සිටින දසුන් ශානක දිනය නිමාවනවිට පන්දු 115 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 91 ක් රැස්කර ගැනීමට සමත්වූ අතර රංගන හේරත් (නොදැවී 28) සමග එක්ව නමවැනි කඩුල්ල සදහා ලකුණු 126 ක නොබිදුණු සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වූයේය.
කුසල් මෙන්ඩිස් පන්දු 114 කට මුහුණදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 65 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර දෙවන කඩුල්ල සදහා කෞෂාල් සිල්වා සමග එක්ව ලකුණු 101 ක සම්බන්ධතාවයක් පැවැත්වීමටද සමත්විය. රොබ් සේයර් (41/2) සහ ජගර් නායික් (61/2) කඩුලූ දෙක බැගින් දවාගැනීමට සමත්වූහ.
කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර අද තරගය සඳහා පළමු පුහුණු තරගයේදී ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, ධම්මික ප්‍රසාද්, නුවන් ප්‍රදීප් සහ ශමින්ද එරංග ක්‍රීඩා නොකරන අතර ළහිරු තිරිමාන්න, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, රංගන හේරත් සහ සුරංග ලක්මාල් කී‍්‍රඩා කරති.
ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිනේෂ් චන්දිමාල්ට භාරවී ඇත.
ලකුණු පුවරුව පහතින්…..
Saturday, May 14, 2016
නවක ක්‍රීඩක දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමේ බර කරට ගනී.
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment