ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ‘ලේ හැලෙන‘ සේ පහර දීම ‘අශිෂ්ඨ, ලැජ්ජා සහගත, තිරිසන්‘ ක්‍රියාවක් ලෙස හෙළා දකන බව කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මහජන නියෝජිතයින් පාර්ලිමේන්තු සභා ගර්භයේදීම මනුෂ්‍යත්වයට නිගා දෙන ආකාරයෙන් හැසිරීම කිසි ලෙසකින් හෝ බලාපොරොත්තු නොවන තත්ත්වයක් බව එම සංවිධානය පෙන්වා දෙයි.
කථානායකවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ වගකීමවන්නේ විශේෂ අධිකරණ කටයුත්තක් ලෙස සලකා පාර්ලිමේන්තුව තුළින්ම මේ ලැජ්ජා සහගත ලේ සෙලවීමේ ක්‍රියාව සිදු කළ පුද්ගලයින්ට එරෙහිව කටයුතු කිරීම බව කැෆේ සංවිධානය යෝජනා කරයි.
ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ,
"ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ අවස්ථා ගණනාවකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විරුද්ධවාදීන් විසින් පහර දී ඇත. එවැනි පහරකෑමට ලක් වූ සහ පහරදීම් සිදු කළ මන්ත්‍රීවරුන් ගණනාවක් මේ පාර්ලිමේන්තුවේ ද නියෝජිතයින් ලෙස කටයුතු කරති. කෙසේ නමුත්, ඊයේ පාර්ලිමේන්තුවේ ඇති වූ මිලේච්ඡ පහරදීමට සම්බන්ධ වූ පුද්ගලයින් තම දේශපාලන ජීවිතය පුරාම අවස්ථා ගණනාවක දී මැරකම් සිදු කළ, මැරකම් සඳහාම නම් දැරූ පුද්ගලයින් වෙති.
මොවුන් බොහෝ දෙනෙකු සිය මැතිවරණ ව්‍යාපාරය පුරාම ප්‍රචණ්ඩත්වය ප්‍රචාරක උපක්‍රමයක් ලෙසින් ද භාවිත කළ පිරිස් වෙති. අනෙක් අතට පාර්ලිමේන්තු වරප්‍රසාද යොදා ගනිමින් මේ පිරිස් උතුම් වූ පාර්ලිමේන්තුවටම අපහාසවන අයුරින් කටයුතු කිරීම අවාසනාවන්ත තත්වයකි.
වාද විවාද සිදු කරමින් අදහස් හුවමාරු කර ගැනීම වෙනුවට බාහු බලය පාර්ලිමේන්තු සභා ගර්භයටම පැමිණීම සැබවින්ම අවසනාවන්ත තත්ත්වයකි. ප්‍රචණ්ඩත්වයෙන් තොර මහජන නියෝජිතයින් තෝරා පත් කර ගැනීමට ඡන්දදායකින් වෙත මැතිවරණ නිරීක්ෂකයින් නිරන්තරයෙන් ආයාචනා කරති. එම ආයචනයන් නොතකා දේශපාලන දිවිය ප්‍රචණ්ඩත්වයෙන්ම ජයග න්නා සීමිත පිරිසක් විසින් ලංකා පාර්ලිමේන්තුවට සිදු කරමින් ඇති විනාශය නියෝජිත ප්‍රජතන්ත්‍රවාදය දැඩි පිරිහීමකට ලක් කොට ඇත.
පාර්ලිමේන්තුවේ දී ‘ලේ සෙලවීමට‘ සම්බන්ධ වූ මහජන නියෝජිතයින් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බව කැෆේ සංවිධානය දැඩිව අවධාරණය කරයි." යනුවෙනි.
Wednesday, May 4, 2016
මැතිසබේ ‘ලේ සෙල වූ‘ මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග ගත යුතුයි - කැෆේ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment