KFC අවන්හලේ කුණුහරප දැන්වීමට ඇත්තටම මොකද වුණේ? (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 21, 2016

KFC අවන්හලේ කුණුහරප දැන්වීමට ඇත්තටම මොකද වුණේ? (VIDEO)

ලෝක ප‍්‍රකට KFC අවන්හල් ජාලයට අයත්  ඕස්ටේ‍්‍රලියානු ශාඛාව මගින් පසුගිය දිනක ප‍්‍රචාරය කරන ලද වෙළෙඳ දැන්වීමක් මහජන විරෝධය හමුවේ හකුළාගෙන එයට ඔවුන් සමාව ඉල්ලා සිටි සිදුවීමක් වාර්තා වුණා.

මෙම වෙළෙඳ දැන්වීම ප‍්‍රචාරය කර තිබුනේ KFC  ඕස්ටේ‍්‍රලියානු ශාඛාවේ නිල ට්විටර් ගිණුම ඔස්සේය. එහි දැක්වූ ඡායාරූපයේ යුවළක් වාඩිවී සිටින අයුරුත් පිරිමියාගේ කකුල් අතරට කාන්තාව යමක් සිදු කරන ආකාරයත් සටහන් විය.


එම ඡායාරූපයේ අවධානය දිනාගැනීම පිණිස පිරිමියාගේ කකුල් අසළ කොටස බොඳ කර තිබුණ අතර “WARNING: #NSFW. Something hot and spicy is coming soon…”ලෙස සටහන් කර  එම දැන්වීම ද්විත්ව අරුතකින් හ`ගවන්නට උත්සාහ කර තිබුණි.

ලිංගික හැගීමක් දනවන අප‍්‍රසන්න දැන්වීමක් ලෙස මෙය සමාජ ජාලය තුළ විවේචනයට ලක්වූ බව පසුව වාර්තාවිය. පැයක් ඇතුළත රිට්වීට් 1300 ක් මගින් එය විවේචනයට ලක්ව තිබුනේ KFC නම නිගාකරමින් සිදු කළ පහත් පෙළේ වැඩක් ලෙසයි.


මේ නිසා අදාළ සමාගමට එම දැන්වීම මකාදමන්නට සිදුවූ අතර සමාව ඉල්ලා නිල පණිවිඩයක්ද නිකුත් කරන්නට සිදුවිය. එරට KFC සමාජ ජාල මෙහෙයවන්නා ලෙස අලූතින් පත්වීම ලද පුද්ගලයා සේවයෙන් නෙරපූ බවද පසුව වාර්තා වුණා.



No comments:

Post a Comment

Post Bottom Ad