ෆෙඩරල් පාලන පනත උතුරු පළාත් සභාවේදි සම්මත වෙයි. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 23, 2016

ෆෙඩරල් පාලන පනත උතුරු පළාත් සභාවේදි සම්මත වෙයි.

උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර එම පළාත් වෙනුවෙන් ෆෙඩරල් පාලනයක්‌ ඇති කළ යුතුය යන ප්‍රධාන යෝජනාව සහිත දෙමළ ජාතික සන්ධානය විසින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයේදී සැලකිල්ලට ගත යුතු කරුණු ඇතුළත් කෙටුම්පත ඊයේ (22 දා) උතුරු පළාත් සභාවේදී සම්මත විය.

මෙම යෝජනා ඇතුළත් කෙටුම්පත සකස්‌ කිරීම පිණිස දෙමළ ජාතික සන්ධානය විසින් විශේෂ කමිටුවක්‌ පත් කරන ලද අතර එම කමිටුව උතුරු පළාතේ සෑම දිස්‌ත්‍රික්‌කයකම රැස්‌වී ජනතාවගෙන් හා විවිධ සංවිධානවලින් අදහස්‌ යෝජනා එක්‌ රැස්‌ කළහ.

ෆෙඩරල් පාලනයට අමතරව යුද්ධයෙන් විපතට පත් සෑම පාර්ශ්වයක්‌ වෙනුවෙන්ම වෙන් වෙන් වශයෙන් කටයුතු කිරීමට වෙනම පාලන ඒකක පිහිටුවිය යුතු බවටද රජයට යෝජනා කර තිබේ.

සම්මත වූ මෙම යෝජනාවලිය මේ මස 28 වැනිදා දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්‌ෂ නායක ආර්. සම්බන්ධන් මහතා වෙත ඉදිරිපත් කළ යුතු බවටද උතුරු පළාත් සභාවේදී තවත් යෝජනාවක්‌ සම්මත වී තිබේ.

එම යෝජනාවටද එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සිංහල මන්ත්‍රීවරුන් දෙදෙනා විරෝධය පළ කොට ඇත.

ඔවුන් පවසා ඇත්තේ සම්මත වූ යෝජනාවලිය ඉදිරි පත් කළ යුත්තේ සම්බන්ධන් මන්ත්‍රීවරයාට නොව අග්‍රාමාත්‍යවරයාට හෝ පාර්ලිමේන්තුවේ සභානායක වැනි අයකුට බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad