ඉන්දියාව තුළ විවිධ මතභේද නිර්මාණය කළ ඉන්දීය ප්‍රීමීයර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන වසරේදී විදේශ රටක පැවැත්වීම පිළිබදව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුවී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටියි.
එසේම ක්‍රීඩාංගණ සොයා ගැනීමේ හැකියාව සහ වෙනත් බාහිර සාධක මත එම තීරණය රඳා පවතිනු ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයා මාධ්‍ය වෙත පවසා ඇත. දැනට පවතින නියං කාලගුණික තත්ත්වය හේතුවෙන් මහාරාෂ්ඨ ප්‍රාන්තයේ අයි පී එල් තරග පැවැත්වීම ගැටලූවක් බවට පත්වූයේ ඊට එරෙහිව අධිකරණ නියෝගයක් ද නිකුත් කිරීම හේතුවෙනි.
මීට පෙර 2009 වසරේ අයි පී එල් තරගාවලිය දකුණු අප්‍රිකාවේදී පවත්වනු ලැබූ අතර ඉන්දියාවේ මහමැතිවරණ පැවැත්වීම හේතුවෙන් 2014 තරගාවලියේ පළමු දින 15 ව තුළ පැවති තරග එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ පැවැත්විණි.
Friday, April 22, 2016
ඉන්දීය ක්‍රීකට් ලෝලීන්ට ලබන වසරේදී අයි.පී.එල් අහිමී වන ලකුණු.
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment