දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු හෘදයාබාධයකින් මියයයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 22, 2016

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු හෘදයාබාධයකින් මියයයි

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ Lukhanya Tsiki නම් යොවුන් ක්‍රීඩකයා පුහුණු සැසියක් අතර හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් නිසාවෙන් මියගොස් තිබෙනවා.

වයස අවුරුදු 22ක් වන මෙම ක්‍රීඩකයා මෙලෙස මියගොස් ඇත්තේ පසුගිය 18වනදා වන අතර එදින ඔහුගේ සෞඛ්‍ය තත්වය මැන බැලීමේ පරීක්ෂණයක්ද සිදුකර තිබෙනවා.

එහිදී ලබාගත් විවේකයක් අතර මොහුට හෘදයාබාධය වැළදී ඇති අතර පසුව රෝහල් ගත කරන විටත් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ...

No comments:

Post a Comment

Post Bottom Ad