අනතුරකට සම්බන්ධ ඇමැති පාඨලීගේ ජීප් රථය මුදා ගැනීම පියවර. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 22, 2016

අනතුරකට සම්බන්ධ ඇමැති පාඨලීගේ ජීප් රථය මුදා ගැනීම පියවර.

රාජගිරිය ප්‍රදේශයෙදී රිය අනතුරක් සිදු කර පුද්ගලයන් දෙදෙනකුට තුවාල සිදු කරන ලදැයි කියන සිද්ධියට සම්බන්ධ ඇමැති පාඨලී චම්පික රණවක මහතා පාවිච්චි කළ ජීප් රථය පොලිස් භාරයෙන් මුදාහරින ලෙසට ඉල්ලීමක් කොළඹ රථවාහන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

මේ අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ රියැදුරු ලෙස ඉදිරිපත් වූ දිලුම් තුසිත කුමාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එම ඉල්ලීම මෝසමක් මඟින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. එම ඉල්ලීම ලබන 27 වැනි දින සලකා බැලීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තීරණය කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad