එහිදී ප‍්‍රකාශවී ඇත්තේ අදාළ ඝාතනය ඵීලිබදව තොරතුරු වසන් කිරීම සදහා එවක කොළඹ බස්නාහිර බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගෙන් බලපෑම් එල්ලවී ඇති බවයි. තජුඞීන් මරා රථය තුලට දමා රථය ගිනි තබා තිබියදී එය රිය අනතුරක් යැයි සටහන් තැබීමට ඔහුට ඉහලින් නියෝග හිමිවූ බවද මෙහිදී් අවධාරණය කර ඇතැයි සදහන්.
තමන්ගේ දීර්ඝ සේවා කාලය මත ලත් අත්දැකීම් අනුව සිද්ධිය දුටු මතින් එය රිය අනතුරක් නොවන බව හැගී ගිය බව පවසා ඇති චම්පික පෙරේරා හැඩි දැඩි තරුණයෙක් කුඩා රියකට අමාරුවෙන් රිංගවා රථයට ගිනි තබා ඇති බව තමාට පෙනී ගිය බවත් ඒ අසල අඩි දෙක හමාරක පමණ යකඩ පොල්ලක් තිබූ බවත් පවසා තිබේ.
එය ඝාතනයක් බව අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැවසූ අවස්ථාවේදී බැණවැදී එය අනතුරක් ලෙස සදහන් කරන්නැයි නියෝග ලබාදුන් බවද මෙහිදී ප‍්‍රකාශවී තිබෙනවා. පසුව ඔහු ඉදිරියේදීම ඇමතුම් කිහිපයක් ලබාගත් නියෝජ්‍ය පොලිස්පතිවරයා තරුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට හා හිටපු ආරක්ෂක ප‍්‍රධානියකුටද සිද්ධිය පිළිබදචව නවතම තත්ත්වය දැනුම්දුන් බවයි සැකකරු හෙලිකර ඇත්තේ.
පසුව අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා මිය ගිය තාජුඞීන්ගේ පියාට පවසා ඇත්තේ ඔහුගේ පුතු බීමතින් රිය පදවා අනතුරට ලක්ව ඇති බවයි. ඒ පිළිබදව වැඩිදුර විමර්ශන කලහොත් තාජුඞීන්ගේ චරිතයට හානියක් වනු ඇති බවද අදාළ පුද්ගලයා පවසා ඇති බවයි සදහන්ව ඇත්තේ. එසමයෙහි පැවැති තත්ත්වය තුල තමන්ගේ හා පවුලේ සාමාජිකයින්ගේ ජීවිතවලට ඇතිවිය හැකි තර්ජනවලට බියෙන් සත්‍ය වසන් කළ බවද සැකකරු අනාවරණය කර ඇති බවයි අදාළ වාර්තා හෙළිකරන්නේ.
උපුටා ගැනීම : Gossip99.com
No comments:
Post a Comment