* සේමි” ඉද්දමල්ගොඩ කියන චරිතය පාසල් යන කාලෙත් ජනප්‍රිය චරිතයක්ද?
මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ මියුසියස් විද්‍යාලයේ. පාසල් යන කාලේ මම හුගාක් දග චරිතයක්. බැඞ්මින්ටන් ක්‍රීඩාවත් නර්තනයත් මම කළා. ඒ කාලේ සේමි” පළිහවඩන කියන නම ඇත්තටම ජනප්‍රියයි. නමුත් මට රගපාන්න නම් පාසලෙන් අවස්ථාව දුන්නේ නෑ. ඒකට හේතුව ෆේවරේෂන් වෙන්න ඇති. ඒ වුණාට මම චිත්‍රපටි බැලූවා. ඒවා බලලා ඒ වගේ රගපාන්න උත්සාහ කළා. ඒ ගැන මගේ යාළුවොත් දන්නවා. දවසක් පාසල් වේදිකා නාට්‍යවල පුහුණුවීම් කරනකොට මම ස්ටේජ් එක ළග තිබුණු ගේට්ටුවක එල්ලිලා ඒ දිහා බලාගෙන ඇඬුවා. මම එතැන හිටියා නම් ඊට වඩා හොඳට රගපානවා නේද කියලත් හිතිලා තියෙනවා. දවසක් පාසලේදී රජ කතාවක් කියන නාට්‍යයට සෙනග ඕන කියලා රගපාන්න කැමැති අයට එන්න කිව්වා. මගේ යාළුවෝ මට කිව්වා සේමි” ඔයා යන්න කියලා. මම එයාලට කිව්වේ ර්ණරැුජිණට රගපාන්න පුළුවන් මම ඇයි සෙනගට රගපාන්නේ. මට බැහැ” කියලයි. ඒ වගේ රගපාන්න විශාල උණක් මට තිබුණේ.
* රූප පෙට්ටියෙන් හැමෝටම පේන්න ඕන කියන සිතුවිල්ල මුලින්ම ඇතිවෙන්නේ මොන හේතුවකටද?
එතකොට මගේ වයස අවුරුදු දහයක් විතර ඇති අපි හිට්ලර් වේදිකා නාට්‍ය බලන්න ගියා. එච්.ඒ. පෙරේරා මහත්මයාගේ දුව රංගා තමයි ඒ නාට්‍යයේ රගපෑවේ. එයාගේ වයස අවුරුදු දොළහක් ඇති. ඒ රංගනය දැකලා මම හිතුවා මම කොහොම හරි ඒ වගේ නිළියක් වෙනවා කියලා.
* සේමි”ගෙන් ආදරය ඉල්ලාගෙන එන තරුණයන්ගේ මූලික සුදුසුකම විදිහට ඔබ බැලූවේ වාසගමලූ. ඇත්තද?
ඔව්. මගෙන් ආදරය ඉල්ලාගෙන එන අයගේ වාසගම ලස්සනද බලනවා. පෙරේරා, ප්‍රනාන්දු කි යන නම්වලට මම ටිකක්වත් කැමති නැහැ. වාසගම කැත නම් මම ඒ පිරිමි ළමයි දිහාවත් බැලූවේ නැහැ. මම ධම්මිකට ආදරය කරන්නෙත් වාසගම නිසා තමයි.
* ඉද්දමල්ගොඩ කියන වාසගම තිබුණ ධම්මිකව හොයාගෙන යන සුන්දර ගමන ගැනත් මතක් කරමු?
මගේ වයස එතකොට අවුරුදු දාහතරයි. ධම්මිකගේ මුල්ම පත්වීම ලැබුණේ කළුතර පොලිසියට. නිතරම වගේ අපේ ගෙදර ඉද්දමල්ගොඩ කියන නම ඇහෙනවා. මම ඒ ගැන අම්මාගෙන් අහන්න බැරි නිසා මගේ යාළුවෙක් හිටියා මම එයාට මේ ගැන කිව්වා. මගේ යාළුවා කිව්වා එයා ඉද්දමල්ගොඩ කෙනෙක් ගැන දන්නවා බලන්න යමු කියලා. ඉතිං අම්මයි තාත්තයි මම දග නිසා මගේ පුෂ් බයිසිකලය ලොක් කරලා ගේ ඇතුළෙන් තියලා යන්නේ. මම මගේ යාළුවෝ එක්ක ඒ බයිසිකලය අරගෙන දවසක් ගියා ඉද්දමල්ගොඩ හොයාගෙන. ගිහිං යාළුවා පෙන්නුව ගේ ළග හිටගෙන ඉන්නවා කවුරු හරි දැක්කොත් බයිසිකලය හදනවා වගේ රගපානවා. මුල් දවසෙත් දෙවැනි දවසෙත් ඒ වගේ අතර ගේ ළග හිටගෙන හිටියට කවුරුත් එළියට ආවේ නැහැ. ඊට පහුවදත් ඉස්කෝලේ ඇරිලා ගියා. ඔන්න ඉතිං තුන්වෙනි දවසෙත් අර විදිහට මමත් මගේ යාළුවත් හිටගෙන හිටියා. බැල්කනියේ පොලිස් නිල ඇඳුම ඇදගෙන අපිට පිටුපාල කඩවසම් කෙනෙක් ඉන්නවා දැක්කා. ඉතිං මම හිතින් කියනවා අනේ දැන් හැරෙන්න හැරෙන්න මූණ බලාගන්න ඕන කියලා. විනාඩි පහක් විතර ගියාට පස්සේ අපේ පැත්තට හැරුණා. මම බයිසික්ලේ බිමට අතඇරලා ටිකදුරක් දුවගෙන ගිහින් ආයෙමත් ඇවිත් බයිසික්ලේ අරන් ගියේ. අර හිටියේ ඉද්දමල්ගොඩ නෙවෙයි. වයසක අංකල් කෙනෙක්. මම හිතුවේ පොෂ් කොල්ලෙක් වෙන්න ඇති කියලා. ගෙදර ගිහිං බයිසික්ලේ රෝද දෙක හොඳට හෝදලා ටවල් එකකින් පිහදාලා තිබ්බ විදියටම තිබ්බා. ඒත් ඉද්දමල්ගොඩ කියන කෙනාව හොයාගන්න අදහස අතහැරියේ නැහැ.
* ඊට පස්සේ මොකද වුණේ?
ඊට පස්සේ දවසක් මම අම්මයි තාත්තයි ඉන්න ව්‍යාපාරික ස්ථානයට ගියා. ඉස්කෝලේ ඇරිලා මම කොළඹ ඉඳලා කළුතරට යන්නේ. ගෙදරට නොයා තාත්තා ඉන්න තැනට යන්නේ. දවසක් ඒ වගේ ගිය දවසක මම මහන්සියට කැෂියර් එකේ මේසේ උඩ ඔළුව තියාගෙන හිටියා. තාත්තයි අම්මයි දෙන්නා හිටියේ නැහැ. කවුරු හරි ඇවිත් හයියෙන් තට්ටු කරනවා ඇහුණා. මම ඔළුව උස්සන්නේ නැතුවම කවුද කියලා ඇහුවා. මිස්ටර් බණ්ඩාර ඉන්නවද ඇහුවා. මම කිව්වා තාත්තා එළියට ගියා කියලා. ඔළුව මේසයට තියාගෙනම උත්තර දුන්නේ.
එතකොට ඒ පුද්ගලයා කිව්වා එහෙනම් තාත්තට කියන්න ඉද්දමල්ගොඩ ඇවිත් ගියා කියලා” නම ඇහෙනවත් එක්කම මම එකපාරටම නැගිට්ටා. ඉද්ද ගැහුවා වගේ හිටියේ. මට වචනයක්වත් පිටවුණේ නැහැ. මගේ ධම්මික දිහා බලාගෙන හිටියා. දැන් වගේ මහත නෑ ඒ කාලේ හරිම ලස්සනයි. ඒ මොහොතෙම මගේ හිත ගියා. එයා ඉතිං එහෙම කියලා පඩිපෙළ බැහැගෙන යනවා. මම දන්නෙත් නැහැ මමත් ඒ පිටිපස්සෙන්ම යනවා. පාමුලට ගිහින් ධම්මික උඩ බැලූවා. එතකොට තමයි මට ලැජ්ජා හිතුණේ. පිටපස්ස නොබලා මම දුවගෙන උඩට ගියා. එයා දැක්කා මගේ වෙනස. එදා නම් පුදුම විදිහට මට ලැජ්ජා හිතුණා.
* ධම්මිකගේ ඒ බැල්ම ආදරයකට ඇරයුම් කළේ කොයි කාලයේදීද?
මම සෙනසුරාදා රැුජිණි සෙල්වනායගම් මිස්ගේ නැටුම් ක්ලාස් ගියා. සව්සිරිපායේ ධම්මික මාත් එක්ක ඇවිත් මාව ක්ලාස් එකට දාලා ඉවර වුණාට පස්සේ මාත් එක්ක ආයෙමත් කළුතර යනවා. අපි බස් එකේදී අත් අල්ලාගෙන ඉන්නවා. කතා කරනවා. ඒත් ඒක ආදරයද කියලා මට තේරුණේ නැහැ.
අපි දෙන්නා එහෙම හැසිරුණාට දෙන්නට දෙන්නා ආදරෙයි කියලා තිබුණේ නැහැ. ඒ වුණාට ධම්මික මාව හරිම පරිස්සම් කළා කියලා මට තේරුණා. එහෙම ඉන්නකොට දවසක් අපේ ගෙදරට මේක ආරංචි වුණා. අපේ තාත්තා ධම්මිකට එන්න කියලා කිව්වා ර්ණදුවට ඕලෙවල් විභාගය කරනකල් කරදර කරන්න එපා” කියලා. ධම්මික ඒ මොහොතේ තාත්තාගෙන් පොරොන්දුවක් ඉල්ලූවා. මාව බඳින්න ඕන එතකල් ඉන්නවා කියලා. ඒකට ගෙදරින් අවසර ලැබුණා. ටික දවසක් අපි මුණ ගැහුණේ නැහැ.
* ඒ කාලය අතරතුර සේමිණිගේ හිත වෙනත් තරුණයෙක්ට කැමැත්ත ප්‍රකාශ කරනවා එහෙම නේද?
ඔව්. එයා අද ජනප්‍රිය වෛද්‍යවරයෙක්. ඒ කාලේ වෛද්‍ය ශිෂ්‍යයෙක්. එයා මගෙන් ඇහුවා ධම්මිකගේ සම්බන්ධයට මොකද වුණේ කියලා. මම නොතේරුම්කමට කිව්වා ඒකට අපේ ගෙදරින් කැමැති වුණේ නැහැනේ කියලා. ඉතිං එයා කිව්වා මම නංගිට කැමැත්තෙන් හිටියේ මට කැමතිද කියලා. මමත් හා කිව්වා. එයත් මාත් එක්ක ක්ලාස් එකට ආවා. දවසක් මම බස් එකෙන් බහිනකොට එයත් එක්ක ධම්මික මාව බලාගන්න පාර අයිනට වෙලා ඉන්නවා මම දැක්කා. මම අර පුද්ගලයට කිව්වා ධම්මික අයියා ඉන්නවා මම කතා කරලා එන්නම් කියලා. අර පුද්ගලයා මගේ අතින් තදකරලා අල්ලාගෙන මාව ඇදගෙන ගියා. ඇදගෙන යන මම පිටිපස්ස හැරිලා ධම්මික දිහා බැලූවා. එයාගේ ඇස්දෙකේ කඳුළු පිරිලා. ඒ මොහොතේ තමයි මම ආදරය කියන දේ වින්දේ. එදා මම ගොඩක් දුක් වුණා. ගෙදර යනකොට ධම්මික ගෙදරට ගිහින් සිද්ධිය කියලා. තාත්තා එදා මගේ කකුලට ගැහුවා. ඇත්තටම එදා තමයි මට තරු පෙණුනේ. පළමු වතාවට තාත්තා කිව්වා ඌ මොකෙක් වුණත් කමක් නැහැ පොරොන්දුවක් දුන්නා නම් බඳින්න ඕන ධම්මිකව කියලා. මම අර තරුණයාට සොරි කියලා මම ආදරේ කරන්නේ ඇත්තටම ධම්මිකට කියන එක පැහැදිලි කරලා දුන්නා. ඊට පස්සේ අපි සුපුරුදු විදියට ආදරය කළා. ගෙදරිනුත් අවසර ලැබුණා.
* ඊට පස්සේ නිළියක් වෙන හීනයට මොකද වුණේ? ඒ හීනය සැබෑ කරන්න මූලික වුණ පුද්ගලයත් මොහුම නේද?
ධම්මිකව බැන්දට පස්සේ මට ඕන වුණේ එයත් එක්ක සතුටින් ළගින් ඉන්න ඒ නිසා නිළියක් වෙන හීනය අමතක කරලා හිටියා. එතකොට හොඳටම යුද්දේ තිබුණ කාලේ. ධම්මිකට මාව එක්කගෙන යන්න බැහැ කිව්වා යුද්දේ නිසා. නමුත් මට එයා නැතුව ඉන්න බැරි වුණ නිසා ත්‍රිකුණාමලයේ තිබුණ පුද්ගලික බංගලාවක් අරගෙන ගියා. එයා ගෙදර හිටියට වඩා රැුය පහන් කළේ තල්ගස් යට. හැම තැනින්ම බෝම්බ වෙඩි සද්දේ මැද ජීවත් වුණේ. ඒ අතරතුර මගේ පළමු දරුවා ඇබෝෂන් වුණා. යුද්දේ කාලේ තිබුණ කම්පනයත් එක්ක මට ඇබෝෂන් හතරක් වුණා. මම හොඳටම මානසිකව වැටිලා හිටියේ. ඊට පස්සේ අනුරාධපුරටත් එහෙන් රත්නපුරටත් මාරුවීමක් ලැබුණා. හුංගම ඉන්න කාලේ තමයි මට ශ්‍රියාණි අමරසේන මහත්මිය කතා කළේ. ධම්මිකගේ යාළුවෙක් හිටියා ලාල් විෙ–රත්න කියලා. එයාගේ වෙඩින් එකේ ඡුායාරූප ගත්තේ දයාන් විතාරණ අයියා. දයාන් අයියා ළගට ශ්‍රියාණි අක්කා ගිහින් තියනවා මොඩලින් කරන අලූත් තරුණියක් හොයන්න ඡුායාරූප ටිකක් බලන්න. එතැනදි තමයි ලාල් අයියාගේ වෙඩින් ෆොටෝස්වල මම ඉන්නවා දැකලා ශ්‍රියාණි අක්කා මට කතා කරලා තියෙන්නේ. මටත් හරි පුදුමයි. මම ධම්මිකගෙන් ඇහුවා. මගේ මානසික තත්ත්වය නිසා ඒකට වෙනසක් වෙන්න එයත් කැමති වුණා. ඒ විදිහට තමයි සුදත් රෝහණ මහත්මයාගේ ඉරබටු තරුව ටෙලි නාට්‍යයේ ශ්‍රියාණි අක්කාගේ තරුණ කාලේ රගපාන්න ගියේ ස්වර්ණමාලි චරිතයට.
* ඔබ දිනෙන් දින ජනප්‍රිය වෙනකොට ධම්මිකගේ ප්‍රතිචාර කොයි විදිහටද වෙනස් වුණේ?
මේ වෙනකොට මම ටෙලිනාට්‍ය විසිපහක් චිත්‍රපට දහයක් විතර සීමිත ප්‍රමාණයක් කරලා තියෙන්නේ. ඒත් ඒ හැම චරිතයක්ම ජනප්‍රියයි. ඒ හැම මොහොතකම ධම්මික මගේ ළගින් හිටියා. කවදාවත් නීතිරීති දැම්මේ නැහැ. අපි විවාහවෙලා වසර 23 ක් වෙනවා. අදටත් එදා වගේම ආදරෙයි. ඒ ආදරේ වෙනසකුත් නැහැ.
No comments:
Post a Comment