තිසරගේ සුපිරි පිතිකරණය පුනේ ජයට ප්‍රමාණවත් නොවෙයි.(VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 23, 2016

තිසරගේ සුපිරි පිතිකරණය පුනේ ජයට ප්‍රමාණවත් නොවෙයි.(VIDEO)

අයි.පී.එල් ක‍්‍රිකට් තරගාවලියේ බැංගලෝර් හිදී පැවැති 16 වන තරගයේදී රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිලට එරෙහිව ලකුණු 13 ක ජයක් ලබාගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල අද (22 වැනිදා) සමත්විය.

ලකුණු 186 ක ඉලක්කයක් හඹාගිය රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිලට  ඕවර 20 අවසානයේදී කඩුලූ 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 172 ක් පමණි.

දෙවන  ඕවරයේදී ෆෆ් ඩු ප්ලෙසී දැවී ගිය පසු පිටියට පිවිසි කෙවින් පීටර්සන්ට පාදයේ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වීමට සිදුවූ අතර පහරදිය හැකිවූයේ එක් පන්දුවකට පමණි.

අජින්ක්‍යා රහනේ (60) සමග එක්වූ මහේන්ද්‍ර සිං දෝණි (41) තෙවැනි කඩුල්ල සදහා පන්දු 73 කදී ලකුණු 91 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වූයේය.

අජින්ක්‍යා රහනේ පන්දු 46 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 60 ක් රැුස්කිරීමට සමත්වූ අතර අර්ධ ශතකය පන්දු පන්දු 37 කදී සම්පූර්ණ කිරීමට සමත්විය.

අවසන්  ඕවර 3 ට ලකුණු 50 ක් අවශ්‍යවූ අතර හාර්ෂල් පටෙල් විසින් යවන ලද 18 වන  ඕවරයේදී ලකුණු 25 ක් (6,1,4,4,4,6) උදුරා ගැනීමට තිසර පෙරේරා (34) සහ රාජත් භතියා (21) සමත්වූහ.

තිසර පෙරේරාගේ දැවී යාමත් සමගින් කඩුලූ එකින් එක බිදවැටී ලකුණු වේගය අඩාල විය.

තිසර පෙරේරා වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 13 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 34 ක් ලබාගත්තද එය ජයග‍්‍රහණය සදහා ප‍්‍රමාණවත් නොවීය.

කේන් රිචඞ්සන්  ඕවර 3 ක් යවමින් ලකුණු 13 කට කඩුලූ 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.

පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල කඩුලූ 3 ක් දැවී ලකුණු 185 ක් රැස්කිරීමට සමත්වූ අතර විශිෂ්ට පිතිහරඹයක නිරතවූ විරාට් කෝලී (80) සහ  ඒ.බී. ඩිවිලියර්ස් (83) දෙවන කඩුල්ල සදහා පන්දු 95 කදී ලකුණු 155 ක සම්බන්ධතාවයක් පවත්වමින් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල විශාල ලකුණු සංඛ්‍යාවක් කරා ගෙනයෑමට සමත්වූහ.

වේගවත් පිතිහරඹයක නිරතවූ ඒ.බී. ඩිවිලියර්ස් පන්දු 46 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 83 ක් ලබාගත් අතර ඔහුට අනගි සහයක් ලබාදුන් විරාට් කෝලී පන්දු 63 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 80 ක් රැුස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූයේය.

ඒ.බී. ඩිවිලියර්ස් පන්දු 25 කදීද විරාට් කෝලී පන්දු 47 කදීද අර්ධ ශතක සම්පූර්ණ කිරීමට සමත්විය.

මෙවර අයි.පී.එල් ක‍්‍රිකට් තරගාවලියේ එකම ශ්‍රී ලාංකික නියෝජනය වන තිසර පෙරේරා දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලූ 3 ක් දවාගත් අතර  ඕවර 4 ලකුණු 34 කට සීමා කිරීමට සමත්විය.

තරගයේ වීරයාට හිමි සම්මානය ඒ.බී. ඩිවිලියර්ස් විසින් දිනාගන්නා ලදී.
 
රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් –   ඕවර 20 කදී කඩුලූ 3 ක් දැවී 185
(විරාට් කෝලී 80, ඒ.බී. ඩිවිලියර්ස් 83, තිසර පෙරේරා 34/3)
 
රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් –   ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී 172
(අජින්ක්‍යා රහනේ 60, මහේන්ද්‍ර සිං දෝණි 41, තිසර පෙරේරා 34, රාජත් භතියා 21, කේන් රිචඞ්සන් 13/3, ෂේන් වොට්සන් 31/2)

 

No comments:

Post a Comment

Post Bottom Ad