''මම බැන්නේ ජාතික ධනය හොරකම් කරපු බැසිල්ටයි මිනී මරපු ගෝඨාභයටයි'' (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

''මම බැන්නේ ජාතික ධනය හොරකම් කරපු බැසිල්ටයි මිනී මරපු ගෝඨාභයටයි'' (VIDEO)

තමා කිසිදු අවස්ථාවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විවේචනය නොකළ බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.

ඒ පිළිබඳ වැඩිදුර අදහස් දක්වන මර්වින් සිල්වා මහතා, "මම හැමදාම බැන්නේ බැසිල් රාජපක්ෂ කියන මේ රටේ ජාතික ධනය සොරකම් කළ මනුස්සයටයි සුදු වෑන් සංස්කෘතියෙන් මිනී මරාපු ගෝඨාභය රාජපක්ෂටයි" යනුවෙන් සඳහන් කළේ ය. 

ඔහු මේ බව පැවසූවේ නාරාහේන්පිට ඔහුගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

ඒකාබද්ධ විපක්ෂය කොළඹ දී පසුගිය දා පැවැත් වූ ජන රැළිය සාර්ථක බවත් කෙසේ වුව ද ඇඟිලි ගැසීම්වලින් තොර ව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුව කරගෙන යාමට ඉඩ ලබාදිය යුතු බවත් ඔහු එහි දී වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය.

එම වීඩියෝව පහතින්, 


No comments:

Post a Comment

Post Bottom Ad