වේදිකාවේ ඇදවැටීම ගැන ගම්මන්පිල කතා කරයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

වේදිකාවේ ඇදවැටීම ගැන ගම්මන්පිල කතා කරයි (VIDEO)

"මා ජනතාව ඇමැතීමට වේදිකාවට නඟින මොහොතේ රැස්‌ව සිටි අති විශාල ජනතාව ඔල්වරසන් දෙමින් මා දිරිමත් කළා. 

ඒ ආදරණීය ජනතාවට ආචාර කිරීමට යැමේදී මෙලෙස පය පැටලී ඇද වැටුණා" එලෙස පවසන්නේ පසුගිය දා ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ "ජන බලය" විරෝධතා රැළියේ වේදිකාව මත ඇදවැටුණු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ය.

"මට කකුල් මාට්‌ටු දාන යුගයක පය පැටලී වේදිකාවේ කාපට්‌ මත වැටීම ලොකු දෙයක්‌ නොවේ" යනුවෙන් ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. එමෙන්ම තමා පය පැකිලී ඇද වැටුණේ ගල් බොරළු මත නොව වේදිකාවේ එළා තිබූ කාපට්‌ එක මත යෑයි ද ගම්මන්පිල මහතා පවසා තිබේ.

ගම්මන්පිල මහතා ඇද වැටුණු වීඩියෝව පහතින් නරඹන්න...

No comments:

Post a Comment

Post Bottom Ad