විදුලි අවුල විසඳන්න විදෙස් විශේෂඥයින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

විදුලි අවුල විසඳන්න විදෙස් විශේෂඥයින්

ජා-ඇල කොටුගොඩ පිහිටි විදුලි උපපොළෙහි ට‍්‍රාන්ස්ෆෝමරයක ඊයේ (18) සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කරයි. 

එම විමර්ශන සහ එහි අලූත්වැඩියාවන් සඳහා විදේශීය විශේෂඥයින් කණ්ඩායමක් මෙරටට ගෙන්වා ගන්නා බව ද ඒ මහතා කියා සිටියේය. තාවකාලිකව ජාතික විදුලි පද්ධතියෙන් ඉවත් කර තිබූ නොරොච්චෝලේ බලාගාරයේ පළමු ඒකකය අවශ්‍යතාව මත යළි ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එම ඒකකය ජාතික විදුලි පද්ධතියෙන් ඉවත් කෙරුණේ ද ඊයේ කොටුගොඩ විදුලි උපපොළෙහි ට‍්‍රාන්ස්ෆෝමරයක සිදුවූ පිපිරීමෙන් පසුව බව වාර්තා වේ. මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ පොදු සේවක සංගමය පවසන්නේ සිදුවූ පිපිරීම් සහ බිඳවැටීම්වල වගකීම භාරගෙන පාලනාධිකාරියේ සියලූදෙනා සිය තනතුරුවලින් ඉවත් විය යුතු බවය.

No comments:

Post a Comment

Post Bottom Ad