‘ඒක ඒවේලාවට බලාගමු‘ - මහින්ද පෙරළියකට සූදානම් (VIDEO)  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 17, 2016

‘ඒක ඒවේලාවට බලාගමු‘ - මහින්ද පෙරළියකට සූදානම් (VIDEO) 

ඒකාබද්ධ විපක්‍ෂය අද පවත්වන රැළියට තමා අනිවාර්යයෙන්ම සහභාගී වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ඔහු මේ බව පැවසූවේ ඊයේ (16) කොළඹ පැවති උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒකාබද්ධ විපක්‍ෂයේ රැලියට සහභාගී වුවහොත විනය පියවර ගන්නා බවට ශ්‍රීලනිපය කර ඇති ප්‍ර‍කාශයට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා පැවසූවේ ‘ඒකත් විනයක් තමයි“ යනුවෙනි.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමේද සටහනක් තබමින් සඳහන් කරන්නේ “අද දින (මාර්තු 17) කොළඹ හයිඩ් පාර්ක් පිටියේ පැවැත්වෙන රැලියට මම සහභාගී වෙමි. රටට හිතැති ඔබ සැමගේ පැමිණිම මම අපේක්ෂා කරමි.“ යනුවෙනි.

ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරනු ලබන 'ජන සටන' විරෝධතා රැලිය අද (17) සවස 3.00 ට කොළඹ හයිඩ් පිටියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව සංවිධායකයින් පවසති.

එම වීඩියෝව පහතින් නරඹන්න...


No comments:

Post a Comment

Post Bottom Ad