ජනප්‍රිය නිවේදිකාවක් සියදිවි නසා ගනී (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 17, 2016

ජනප්‍රිය නිවේදිකාවක් සියදිවි නසා ගනී (VIDEO)

ජනප්‍රිය සංගීත වැඩසටහන් නිවේදිකාවක් වන කේ. නිරෝෂා සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වෙනවා. ඉන්දීය නිවේදිකාවක් වන ඇය මියයන විට වයස අවුරුදු 23ක් බවයි සඳහන් වෙන්නේ.

තමන් නැවතී සිටි නේවාසිකාගාරයේ කාමරයක් තුළදී ඇය ගෙළ වැළලාගෙන මියගොස් සිටියදී හමුවූ බවයි ඉන්දීය පොලීසිය සඳහන් කරන්නේ. ඇගේ පෙම්වතා සමඟ ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාම නිසා ඇය මෙසේ ජීවිතය නැති කරගන්න ඇති බවට ඉන්දීය පොලීසිය සැකපළ කරනවා.

තමන් දිවි හානි කරගන්නා බවට ඇය සිය පෙම්වතාට දැනුම්දීලා තිබෙනවා. ඉන් අනතුරුව ඔහු විසින් ඉන්දීය පොලීසියට ඒ බව ප්‍රකාශ කළත් පොලීසිය අදාළ ස්ථානයට යන විටත් ඇය මිය ගිහින් ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad