පානදුර කෙසෙල්වත්ත ගොරකාන ප්රදේශයේ කාන්තාවක් ඊයේ (13) රාත්රියේ පහනක් පත්තු කිරීමට යෑමේදී පිලිස්සී මිය ගිය පුවතක් වාර්තා වේ.
93 හැවිරිදි පස් දරු මවක් වන මෙම කාන්තාව ඊයේ විදුලිය විසන්ධි වීම හේතුවෙන් පහනක් පත්තු කිරීමට සුදානම් වී ඇති අතර එවිට පහනට පොල්තෙල් යැයි සිතා ලාම්පුතෙල් දමා පත්තු කිරීමට යාමේදී ශරීරයට ගිනි ඇවිලී තිබේ.
අදාළ කාන්තාව ගිනි ඇවිලීමත් සමඟ ඇඳ මතට වැටී ඇති අතර ඇඳ මෙට්ටයට ගිනි ඇවිලීමෙන් අධික ලෙස ශරීරය ගිනිගෙන ඇති අතර එම අවස්ථාවේදී ඇය පමණක් නිවසේ සිට ඇත. ප්රදේශවාසීන් එක්ව ඇය පානදුර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.
දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය අද (14) සිදු කිරීමට නියමිතය අතර පානදුර උතුර පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
වීඩියෝව පහතින්...

No comments:
Post a Comment