වර්තමානයේ මේ රටේ ආර්ථිකයට විශාල වශයෙන් දායකවන පුද්ගලික අංශයේ සේවකයාට රජය විසින් ලබා දුන් පොරොන්දු ඉටු කරනවා වෙනුවට" සේවකයින්ගේ අවම වේතනය පනත් කෙටුම්පත හා සේවකයින්ගේ අය - වැය සහන දීමනා පනත් කෙටුම්පත" සම්මත කිරීම තුළින් සිදු කර ඇත්තේ ඔවුන්ව එක්තරා සීමාවකට කොටු කිරීම පමණක් බව වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
ඒ පිළිබඳ වැඩිදුර අදහස් දක්වන වසන්ත සමරසිංහ මහතා "පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සහ වර්තමාන හවුල් ආණ්ඩුව අතර ලොකු වෙනසක් නැහැ.දෙකම එකයි. මේ ආණ්ඩු දෙකම කරන්නේ පුද්ගලික අංශයේ සේවකයින්ව රවටන එකයි.
2015 ජනවාරි මාසයේ 29 වැනි දා මෙම රජය විසින් ඉදිරිපත් කරන ලද අතුරු අය - වැය අවස්ථාවේ දී පුද්ගලික අංශයේ සේවකයාට රුපියල් 2500 ක වැටුප් වැඩිවීමක් ලබා දීමට පොරොන්දු වුණා. පසුව ඒ අවුරුද්දේම මැයි දිනය දවසේ අගමැතිවරයා කියා සිටියා මෙම වැටුප් වැඩිවීම මැයි මාසයේ ඉදලා දෙනවා කියලා.
පසුව 2016 ඉදිරිපත් කළ අය - වැය අවස්ථාවේදීත් කිව්වා රුපියල් 2500 ක වැටුප් වැඩිවීමක් ලබා දෙනවා කියලා. එසේ කියා තිබූ රජය පසුගියදා "සේවකයින්ගේ අවම වේතනය පනත් කෙටුම්පත හා සේවකයින්ගේ අය -වැය සහන දීමනා පනත් කෙටුම්පත" සම්මත කිරීම තුළින් සිදු කර ඇත්තේ පුද්ගලික සේවකයාගේ මූලික මිනිස් අයිතිවසිකම් උල්ලංඝණය කිරීමක්.
රජය පුද්ගලික අංශයේ සේවකයාට පොරොන්දු වුනේ රුපියල් 2500 ක වැටුප් වැඩිවීමක් එක වර ලබා දෙනවා කියලා. නමුත් පනතේ තියෙන්නේ 2014 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ සිට යම් අයෙකුට වැටුප් වැඩිවීමක් වෙලා තියනවා නම් 2016 දක්වා ඒ අයගේ වැටුප් වැඩිවීමක් සිදු වන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි වසර දෙකකට කඩලයි වැටුප් වැඩිවීම ලබා දෙන්නේ. රුපියල් 1500 ක් 2015 මැයි සිට.
ඉතිරි රුපියල් 1000 ලබා දෙන්නේ 2016 ජනවාරි මාසයේ සිට. ඒ අනුව අපිට කියන්න තියෙන්නේ පාර්ලිමේන්තුවේ සම්මත කරලා තියෙන්නේ පුද්ගලික අංශයේ සේවකයින්ව රවට්ටපු, බොරු කරපු පනතක් කියලයි.
නව පනත තුළින්ම ඒ පනත උල්ලංඝණය වී තිබෙනවා. රුපියල් 40,000 ට අඩු වැටුපක් ලබන සේවකයින්ට පමණක් රුපියල් 1500 ක වැටුප් වැඩිවීමක් හිමිවිය යුතු බවට පනතින් යෝජනා කරනවා.
දෙවැනි වසර තුළ රුපියල් 1000 කින් වැටුප් වැඩි වන්නේ රුපියල් 40,000 ට අඩු වැටුපක් ලබන සේවකයින්ට. ඒ කියන්නේ පළමු අවුරුද්දේ රුපියල් 38,500 ක වැටුපක් තිබුණු සේවකයින්ට දෙවැනි වසරේ දී වැටුප් වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව රජයේ සේවකයාට රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක් ලබා දෙන විට පුද්ගලික අංශයේ සේවකයාට රුපියල් 2500 ක වැටුප් වැඩිවීමක් ලබා දෙනවා කියලයි කිව්වේ.
නමුත් ලැජ්ජා නැතිව රුපියල් 2500 අවුරුදු දෙකකට කඩලයි දෙන්න හදන්නේ. ඒ අනුව සිද්ධ කරලා තියෙන්නේ පුද්ගලික අංශයේ සේවකයාට වැටුප් වැඩි වීමක් නොවන පනතක් සම්මත කිරීම පමණයි.
මේ අනුව පෙනී යන්නේ ආණ්ඩුව රටේ ජනතාවට සලකන්නේ ආකාර දෙකකට බවයි.
රජයේ සේවකයාට එක් ආකාරයකට සලකන විට රටේ ආර්ථිකයට සෘජුවම සහාය දෙන පුද්ගලික අංශයේ සේවකයාට සලකන්නේ තවත් විධියකට. ඒ අනුව අපිට කියන්න තියෙන්නේ පසුගිය රාජපක්ෂ රජය වගේම වර්තමාන හවුල් අණ්ඩුවක් පුද්ගලික අංශයේ සේවකයාව නොසලකා හැර ඇති බවයි."යනුවෙන් සඳහන් කළේ ය.
පුත්තලම - ජුඩ් සමන්ත

No comments:
Post a Comment