රජයේ මුද්‍රණාලයේ දෙපිරිසක් අතර ගැටුමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 14, 2016

රජයේ මුද්‍රණාලයේ දෙපිරිසක් අතර ගැටුමක්

රජයේ මුද්‍රණාලයේ සේවකයන් දෙපිරිසක් අතර අද (14) උදෑසන ගැටුමක් අැති වූ බව වාර්තා වේ. ඒ මුද්‍රණාලයේ නිදහස් සේවක සංගමයේ සාමාජිකයන් පිරිසක් සහ ජාතික සේවක සංගමයේ සාමාජිකයන් පිරිසක් අතර ය.

වැඩ තහනමකට ලක්ව සිටි නිදහස් සේවක සංගමයේ සාමාජිකයන් 05 දෙනෙකු යළි සේවයට වාර්තා කර තිබීම සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාම මෙම ගැටුමට හේතු වූ බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ක‍්‍රියාත්මක වෙමින් පවතී.

No comments:

Post a Comment

Post Bottom Ad