ගොවීන් කෘෂි ඇමතිගේ නිවස වටලයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 2, 2016

ගොවීන් කෘෂි ඇමතිගේ නිවස වටලයි (PHOTOS)

කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ අනුරාධපුරයේ පිහිටි නිවස ඉදිරිපිට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සාමාජිකයන් පිරිසක් විරෝධතාවක නිරත වූ බව වාර්තා වේ.

ගොවිජන සම්මේලනයේ නායක නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උද්ඝෝෂණය පැවැත්විණි. ඒ පොහොර සහනාධාරය නැවත ලබාදෙන ලෙස හා සහතික මිලට වී මිලදී ගන්නා ලෙස ආණ්ඩුවට බලකරමිනි.

විරෝධතා ව්‍යාපාරයේ සංවිධායකයන් හා කෘෂිකර්ම ඇමතිවරයා අතර දුරකතන සාකච්ඡාවකින් අනතුරුව එකඟතාවයකට පැමිණි ගොවීන් විසිර ගිය බව ද වාර්තා වේ.

ඡායාරූප පහතින්...


අතුල බණ්ඩාර - අනුරාධපුර

No comments:

Post a Comment

Post Bottom Ad