කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ අනුරාධපුරයේ පිහිටි නිවස ඉදිරිපිට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සාමාජිකයන් පිරිසක් විරෝධතාවක නිරත වූ බව වාර්තා වේ.ගොවිජන සම්මේලනයේ නායක නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උද්ඝෝෂණය පැවැත්විණි. ඒ පොහොර සහනාධාරය නැවත ලබාදෙන ලෙස හා සහතික මිලට වී මිලදී ගන්නා ලෙස ආණ්ඩුවට බලකරමිනි.
විරෝධතා ව්‍යාපාරයේ සංවිධායකයන් හා කෘෂිකර්ම ඇමතිවරයා අතර දුරකතන සාකච්ඡාවකින් අනතුරුව එකඟතාවයකට පැමිණි ගොවීන් විසිර ගිය බව ද වාර්තා වේ.
ඡායාරූප පහතින්...
අතුල බණ්ඩාර - අනුරාධපුර
No comments:
Post a Comment