මහත නොතකා නිරූපණයට ආ ඈෂ්ලි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 3, 2016

මහත නොතකා නිරූපණයට ආ ඈෂ්ලි (PHOTOS)

තරබාරු බවින් වැඩි තරුණියක් වන ඈෂ්ලි ග්‍රැහැම් ලෝක ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිණියක්. ඇය වැනි තරබාරු තරුණියක් නිරූපණ ක්ෂේත්‍රයට පැමිණීම සිහිනයක් බව බොහෝ දෙනකු කියාසිටියත් පසුගියදා ඇය නිරූපණ ශිල්පීන්ට ඇති සියළු සීමා මායිම් බිඳිමින් නාන ඇදුමකින් සැරසී ප්‍රසිද්ධ සඟරාවක පිටකවරය සැරසීම සඳහා එකතු වී සිටියා.

ඊට අමතරව ලෝකයේ ප්‍රමුඛ පෙළේ සඟරා වන Vogue, Harper’s Bazaar, Glamour සහ Latina වැනි සඟරාවල පිටකවරය සැරසීම වෙනුවෙන් ද ඇය එකතු වී තිබෙනවා. ඈෂ්ලි මේ වනවිට තරබාරු කාන්තාවන් වෙනුවෙන් උපදේශන සේවාවක් ද පවත්වාගෙන යන බව වාර්තා වෙනවා.

“ඔබගේ ශරීරයට ආදරේ කරන්න අකමැතිනම් එය වෙනස් කරන්න. ඒත් තමන්ගේ ශරීරය ගැන කතා කරන්න බය වෙන්න එපා” යන්න ඇය තමන්ගේ ශරීරය ගැන වදවෙන අයට දෙන උපදෙසයි. කෙසේවුවත් හොලිවුඩ් ජනමත විචාරණ වෙබ් අඩවියක් අනාවරණය කරන ආකාරයට ඈෂ්ලි මේ වනවිට ප්‍රමුඛ පෙළේ නිරූපණ ශිල්පිනියන් හා සම තත්ත්වයේ සිටින්නියක් බවයි වාර්තා වෙන්නේ.

ඇගේ ඡායාරූප කිහිපයක් පහතින් නරඹන්න...

ashly 101 91 81 71 61 51 41 32 24 17


No comments:

Post a Comment

Post Bottom Ad