රියදුරෙකුට ගතහැකි මත්පැන් ප්‍රමාණය තවත් අඩු කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 3, 2016

රියදුරෙකුට ගතහැකි මත්පැන් ප්‍රමාණය තවත් අඩු කෙරේ

මාර්ග අනතුරු අවම කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ නීතිගත කිරීමට කඩිනමින් කටයුතු කරන බව ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම ඉතා වැදගත් බව ද ඒ මහතා කියාසිටියේ ය. පසුගියදා දෙස් විදෙස් විශේෂඥයන්ගේ සහභාගිත්වයෙන් කොළඹ පැවති 03 දින සාකච්ඡාවකින් පසු මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් අදාළ නිර්දේශ සකස්කර තිබේ. 

ඒ අනුව වාහනයක් පැදවීමේදී රියදුරෙකුට පානය කර සිටිය හැකි උපරිම මධ්‍යසාර ප‍්‍රමාණය දශම 5.0 සිට දශම 4.5 දක්වා අඩු කිරීම එම එක් නිර්දේශයකි. තී‍්‍රරෝද රථ සදහා ආරක්‍ෂිත බඳ පටි සවි කිරීමට, ජනාකීර්ණ නගරවල වාහන ධාවනය කළ හැකි උපරිම වේගය පැයට කිලෝමීටර් 50 සිට පැයට කිලෝමීටර් 30 දක්වා අඩු කිරීමට ද නිර්දේශ කර තිබේ. 

ආරක්‍ෂිත හිස් වැසුම් හෙවත් හෙල්මට් සදහා ප‍්‍රමිතියක් හදුන්වාදීම, මාර්ග අනතුරු සුලභව සිදුවන ස්ථානවල CCTV කැමරා සවිකර නීති කඩකරන්නන්ට දඬුවම් ලබාදීම සහ මාර්ග අනතුරුවලින් සිදුවන ජීවිත හා දේපොළ හානිවලට ලබාදෙන රක්‍ෂණ වන්දි වැඩි කිරීම ඒ අතරවන තවත් නිර්දේශ කිහිපයකි.

No comments:

Post a Comment

Post Bottom Ad