ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්න මහතාගේ මරණයට අදාල ව සිද්ධිය දුටු බව කියන ගොළු පුද්ගලයෙකුගෙන් තොරතුරු හෙළි කර ගැනීම සඳහා අවශ්‍ය ගොළු භාෂා පරිවර්තකයෙකුගේ සහාය රහස් පොලීසියට ලබාදෙන ලෙස ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා රත්මලාන අඳගොළු බිහිරි පාසලේ විදුහල්පතිවරයාට ඊයේ (02) නියම කර තිබේ.
නිමල් නමැති ගොළු පුද්ගලයාගෙන් එම අපරාධයට අදාල සිද්ධිය හෙළි කර ගැනීමට අවශ්‍ය වී ඇති හෙයින් ගොළු භාෂා පරිවර්තකයෙකුගේ සහාය ලබා දෙන්නැයි රහස් පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා මහතා කළ ඉල්ලීමක් පිළිගත් අතිරේක මහේස්ත්‍රාත්වරයා එම නියෝගය ලබා දී ඇත.
එම සිද්ධියට අදාල පැමිණිල්ල ඊයේ (02) කැඳ වූ අවස්ථාවේ දී සිද්ධියට අදාල ව කළ පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලීසිය මෙම අපරාධයට අදාල සිද්ධියවන අවස්ථාවේ දී ඒ අසල නිමල් නමැති එම ගොලු පුද්ගලයා හිඳි බවට සිය විමර්ශණවල දී කරුණු හෙළි වූ බව පෙන්වා දුන්නේ ය.

No comments:
Post a Comment