අතුරුදන් හිමිනම ගැටගසා තිබියදී හමුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 3, 2016

අතුරුදන් හිමිනම ගැටගසා තිබියදී හමුවෙයි

අතුරුදන් හිමිනම ගැටගසා තිබියදී හමුවෙයි
අතපය ගැටගසා අම්බලන්ගොඩ නගරයේ මහමඟ දමා ගොස් සිටි හිමිනමක් ඊයේ (02) අම්බලන්ගොඩ පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත සොයාගත් හිමිනම පොලීසිය විසින් ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

පසුගිය 23 වැනිදා සිට අතුරුදන් වූ බව කියන අකුරැස්ස - ගලබඩ බෝධිරාජාරාමයේ විසු විල්පිට පියසිරි නමැති හිමිනම මෙසේ සොයාගත් බව අම්බලන්ගොඩ පොලීසිය ප්‍රකාශකර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස සහ අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

No comments:

Post a Comment

Post Bottom Ad