Music Videosවල ජනප්‍රිය පෙම්වතා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

Music Videosවල ජනප්‍රිය පෙම්වතා

දසුන් පතිරණ කියන්නේ ඇත්තට ම දක්ෂ නළුවෙක්. සෙසු නිර්මාණ කොහොම උනත් Music Videosවලින් නම් අඩුවක් නැතුව දසුන් ව දකින්න පුළුවන්. ඉතිං අපි, දසුන් එක්ක ටිකක් කතා කරන්න හිතුවා.

1) දසුන් රංගනය අතෑරල ද?

නෑ


2) මීට පෙර අපි ඔබව ටෙලි නාට්‍යවලින් දකින්න ලැබුණා. දැන් ටෙලි නාට්‍යවල දකින්නේ අඩුවෙන්, ඇයි එහෙම උනේ.?
 
ටෙලි නාට්‍ය ගොඩකට සම්බන්ධ වෙලා නෑ. සාමාන්‍යයෙන් මම මෙගා නාට්‍යවලට සම්බන්ධ වෙන්නෙත් නෑ.


3) කොහොම ද ක්ෂේත්‍රයට ආවේ?
 
අවුරුදු 19 දි මහේන්ද්‍ර පෙරේරා අයියා ගාවට ආවා. ඔහුගේ Workshopවලට සම්බන්ධ උනා. ඒ ආපු ගමන තමයි.


4) දසුන් දැන් වයස කීය ද?
 
මගේ වයස 30යි


5) මේ වෙද්දි Music Videos කීයකට දායකවෙලා තියෙනව ද?
 
15 ක් විතරයි


6) ඔයා දායක වෙච්ච නිර්මාණවලින් වැඩිපුර ම කැමති නිර්මාණය මොකක් ද?
 
ගොඩක් තියෙනවා. ඒ අතරින් ප්‍රදීප් රංගනගේ ‘පෙම් සිහිනේ’ සින්දුවට කැමතී. තිසර වීරසිංහගේ ‘පාවී පාවී’ කියන සින්දුවටත්, ශිහාන් මිහිරංගගේ ‘හතර කේන්දරේ’ සින්දුවත් කැමතී
|
7) වැඩිපුර ම කැමති ගායකයා කව් ද?


එක්කෙනෙක් කියලා නෑ. මං ආසයි කසුන් කල්හාරට, අමල් පෙරේරාට, අමරසිරි පීරිස් මහත්මයට


8) කැමති ම ගීතය මොකද් ද?

සින්දු එකක් කියලා නෑ. ගොඩකට කැමතී.


9) කැමතිම නිළිය ?
 
චාන්දනී සෙනවිරත්න


10) තරුණ නිළියන්ගෙන් කැමති කාට ද?
 
සුලෝචනා වීරසිංහට


11) අලුතින් එන්න තියෙන නිර්මාණ මොණවා ද?
 
සුපුන් රත්නායකගේ ‘මගේ ආදර අවනඩුව’ ටෙලි නාට්‍ය, මොටර් බයිසිකල් චිත්‍රපටය


දසුන් දායක වූ ගීතයක් පහතින්,


No comments:

Post a Comment

Post Bottom Ad