Facebook විරෝධය හමුවේ ස්වර්ණවාහිනිය පුවතක් ඉවත් කරගනී (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

Facebook විරෝධය හමුවේ ස්වර්ණවාහිනිය පුවතක් ඉවත් කරගනී (VIDEO)

ඊයේ දින රාත්‍රියේ "Live at 8" ප්‍රවෘත්ති ප්‍රකාශය තුළ විකාශය වූ "දවසේ වැරැද්ද" විශේෂාංගයට Facebook සහ Youtube හරහා එල්ල වුණු දැඩි ප්‍රේක්ෂක විරෝධයත් සමග එම පුවත තම වෙබ් අඩවියෙන් ද Youtube නාලිකාවෙන් ද ඉවත් කර ගැනීමට ස්වර්ණවාහිනී නාලිකාව ක්‍රියා කර තිබේ.


පුරවැසියන්ගේ පුද්ගලිකත්වයට අනවශ්‍ය ආකාරයෙන් ඇඟිලි ගසන බවට ප්‍රේක්ෂක ප්‍රජාව දැඩි සේ දෝෂාරෝපණය කර තිබූ අතර මෙයට පෙර ද සමාජ ජාල වෙබ් අඩවි හරහා Live at 8 වෙත මෙවන් විරෝධතා මතු වී තිබුණි.

පොලිස් නිලධාරියෙකු විසින් නැවතූ මාර්ග නීතියක් කඩ කළ රියදුරෙකු අනවසරයෙන් රූගත කොට එම වීඩියෝව තම ප්‍රවෘත්ති විකාශයේ පළ කිරීමත් සමගයි මෙම දැඩි විරෝධතා රැල්ල මතු වූයේ.

ස්වර්ණවාහිනියට එරෙහිව මතු වූ Facebook අදහස්වලින් කිහිපයක් සහ එම නාළිකාව විසින් ඉවත් කොට ඇති වීඩියෝව පහතින් නරඹන්න.






Posted by Lanka News Videos on Friday, March 18, 2016

No comments:

Post a Comment

Post Bottom Ad