කිරිඇල්ලගේ ප්‍රකාශය ගැන FUTA කතා කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 2, 2016

කිරිඇල්ලගේ ප්‍රකාශය ගැන FUTA කතා කරයි

කැලණිය විශ්වවිද්‍යාලයේ තාවකාලික කථිකාචාර්ය තනතුරකට බඳවාගැනීමට අදාළව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් නිකුත් කරනු ලැබූ ලිපිය සාධාරණීයකරණය කළ එතුමාගේ මාධ්‍ය ලේකම් කරුණු හරිහැටි නොදන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කරයි.
එහි සභාපති ආචාර්ය ආචාර්ය රංගික හල්වතුර මහතා සහ ලේකම් ආචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව දැක්වෙයි.


එම නිවේදනය මඟින් විශ්වවිද්‍යාල පනතට අනුව විශ්වවිද්‍යාල පද්ධතියේ කිසිඳු පත්කිරීමක් සඳහා විශය භාර ඇමතිවරයාට කිසිදු බලයක් නැති බව සඳහන් කරන ඔවුන්  අමාත්‍යවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කළ ප්‍රකාශය නොමග යවන සුළු ප්‍රකාශයක් බව කියාසිටියේ ය.

එම නිවේදනය පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad