බියගම විදුලි උප පොළෙහි සිදු වූ පිපිරීමෙන් ට්‍රාන්ස්ෆෝමරයක් අසාමාන්‍ය ලෙස විනාශ වී ඇති බවත් එයට බලපෑ හේතු සාධක දැඩිව සොයා බලන්නට රජය තිරණය කළ බවත් විදුලි බල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඒ අනුව පොලිසිය හා රජයේ රස පරික්ෂක ද පරික්ෂණයට කැඳවු බවයි අමාත්‍යවරයා පවසන්නේ.එමෙන්ම විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා පවසයි.
තව ද විදුලිය බිඳ වැටිම සම්බන්ධයෙන් කමිටු කිහිපයක්ම පත් කර ඇති අතර අවශ්‍ය වුවහොත් විදෙස් විශේෂඥයන්ගේ සහය ද ලබා ගන්නා බවයි සඳහන් වන්නේ.මේ අතර විදුලිබල උත්පාදනය පිළිබඳ දූරදර්ශී සැළැස්මකින් තොරව කටයුතු කිරීමේ විපාක අද දවසේ විදින්නට සිදු වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
ඊයේ දින සිදු වූ විදුලි බිඳවැටීමත් සමඟ නොරොච්චෝලේ බලාගාරය තවමත් අක්‍රීය තත්ත්වයේ පවතින අතර එම නිසා දින කිහිපයක් යන තුරු මෙගාවොට් 900 ක විදුලිය ජාතික විදුලි ජාලයට අහිමි වන හෙයින් අරපිරිමැස්මෙන් විදුලිය පාචිච්චි කරන්නැයි විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටියි. එසේ නොමැති වුවහොත් විදුලිය විසන්ධි කිරිමට සිදුවන බවයි ඔවුන් පවසන්නේ.

No comments:
Post a Comment