ඒ පිළිබඳ අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියාසිටියේ පොලිස්පතිවරයාගේ උපදෙස් මත එය සිදුකළ බවයි.
සැකකරුවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයකට ඊයේ පස්වරුවේ දෙමටගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා පළා ගොස් තිබේ. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙක් බස්රථය තුළ සිට ඇති අතර මෙම වෙඩි ප්‍රහාරයෙන් චමින්ද ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද නැමැත්තාට වෙඩි වැදී ඇත.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ දෙමටගොඩ චමින්ද නමැත්තා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කර ඇති අතර එහිදී හදිසි සැත්කමකට ද භාජනය කළ ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ. මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානය ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
වීඩියෝව පහතින්...
No comments:
Post a Comment