අදත් විදුලිය කැපුවේ ඇයි ? නි. ඇමති පැහැදිලි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 17, 2016

අදත් විදුලිය කැපුවේ ඇයි ? නි. ඇමති පැහැදිලි කරයි

අද (17) දින සිට විදුලි කප්පාදු කිරීම නවත්වා සුපුරුදු පරිදි විදුලිය ලබා දෙන බවට දුන් පොරොන්දුව තාක්ෂණික කාරණා නිසා ඉටු කිරීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් තමා ජනතාව වෙත කණගාටුව පළ කරන බව විදුලිබල නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ  විදුලි ජනන යන්ත්‍ර තුනෙන් එකක් පමණක් වැඩ කරන බවත්, තවත් යන්ත්‍රයක් අද ක්‍රියාත්මක කරවීමට උත්සාහ ගනිමින් සිටින බවත්, එය ක්‍රියාත්මක වුවොහොත් දිගටම විදුලිය ලබා දිය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

විදුලිය හදිසියේ ඇණහිටීම කිසියම් පිරිසකගේ කුමන්ත්‍රණයක්දැයි මාධ්‍යවේදීන් ප්‍රශ්නකළ අවස්ථාවේ ඇමතිවරයා කියාසිටියේ එය ඕනෑම ආකාරයකට අර්ථ දැක්විය හැකි වුවද ඒ සම්බන්ධව තීන්දුවක් දිය යුත්තේ දේශපාලනඥයන් නොව පොලිසිය හා අදාළ අංශ විසින් බවයි.

එහිදී මාධ්‍යවේදීන් විදුලි පද්ධතියේ ආරක්ෂාවට යුද හමුදාව යෙදවා ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි ඇසූවිට ඇමතිවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිට ලද තොරතුරු මත හා යමක් වීමට පෙර වළක්වා ගැනීමේ පදනම මත යුද හමුදාව ඒ සඳහා යොදවා ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස්දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ, “ නොරොච්චෝලේ බලාගාරය කියන්නේ අපට ලැබුණු ආබාධිත දරුවෙක්. අඩුපාඩු ගොඩක් සමඟයි ලැබුනේ. නමුත් ඒ ළමයා අපි කොහොම හරි හදා වඩා ගන්නවා. අපි ඒ ළමයාත් ආදරෙන් රැක බලා ගන්නවාලෙසයි.

No comments:

Post a Comment

Post Bottom Ad