හයිඩ් පිටියේ රැළිය නිසා දැඩි රථවාහන තදබදයක්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 17, 2016

හයිඩ් පිටියේ රැළිය නිසා දැඩි රථවාහන තදබදයක් 

ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා රැළිය හේතුවෙන් කොළඹ - පුරහල අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලීසිය සඳහන් කරයි.

ඊට අමතරව ඉබ්බන්වල මංසන්ධිය අවට මාර්ගවල ද රථවාහන තදබදයක් පවතින බව පොලීසිය පවසයි.

කොළඹ - හයිඩ් පිටියේ දී මීට ස්වල්ප මොහොතකට පෙර ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා රැළිය ආරම්භ කළ අතර ඊට ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම, පවිත්‍රා වන්නිආරච්චි, සී.බී.රත්නායක, කෙහෙළිය රඹුක්වැල්ල සහ එස්.එම්. චන්ද්‍රසේන ඇතුළු පිරිසක් මෙන්ම මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා ද පැමිණ සිටී.

ඊට අමතර ව හිටපු අමාත්‍යවරුන්වන බැසිල් රාජපක්ෂ, ජී.එල්. පීරිස් යන මහත්මයින් ද එම ස්ථානයට පැමිණ සිටින බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad