විශේෂ විදුලි ප්‍රතිසංස්‌කරණ පනතක්‌ එයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 16, 2016

විශේෂ විදුලි ප්‍රතිසංස්‌කරණ පනතක්‌ එයි

අනපේක්‍ෂිත ලෙස දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමක්‌ සිදු වුවහොත් ඒ සම්බන්ධව විදුලි ඉංජිනේරුවන් ඇතුළු ඉහළ නිලධාරීන් වගකිවයුතු බවට පැවරෙන විශේෂ විදුලි ප්‍රතිසංස්‌කරණ පනතක්‌ ගෙන ඒමට රජය තීරණය කර ඇත.

මේ පනත 2001 එක්‌සත් ජාතික පෙරමුණු රජය විසින් ද ගෙන ඒමට යෝජනා කර තිබූ අතර එම රජය පරාජයට පත් වීම නිසා පනත ගෙන ඒම වැළකී තිබේ. පසුගිය කාලය තුළ තුන් වතාවක්‌ අනපේක්‍ෂිත ලෙස විදුලිය බිඳ වැටීම පිළිබඳව ආණ්‌ඩුවේ දැඩි අවධානය යොමුව ඇති අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව වාර්තා වේ.

මෙලෙස විදුලිය බිඳ වැටීම සම්බන්ධව කිසිවකුත් නිසි වගකීමක්‌ නොගන්නා තත්ත්වය මත ඉහත පනත ගෙන ඒමටද ක්‍රියා කරන බවද මේ අතර හදිසි බිඳවැටීමකදී මැදිහත්වී ක්‍රියා කිරීමට විදුලි ඉංජිනේරුවන්ගෙන් සමන්විත හදිසි සේවා බළකායක්‌ ද පිහිටුවීමටද ආණ්‌ඩුව තීරණය කර තිබේ. මේ සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ විදුලි විශේෂඥයන්ගේ සහාය ලබා ගැනෙන අතර බිඳවැටීමකදී කාර්යක්‍ෂම සේවාවක්‌ ලබා ගැනීම අපේක්‍ෂාව වේ.

No comments:

Post a Comment

Post Bottom Ad