ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආශීර්වාදය ඇතිව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රට සංවර්ධනය කිරීමට ගන්නා උත්සාහයට සියලුම දෙනාගේ සහයෝගය අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ජනමතයට ගරු කර රට සංවර්ධනය කිරීමට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලා ඊයේ (15) පැවැති විරෝධතා රැලියේදී ය. රාජපක්ෂ ජුන්ටාව සහ ඒ වටා සිටින පිරිස් වර්තමාන ආණ්ඩුව රට තුළ සිදුකරන ආර්ථික සමාජය සහ සංස්කෘතික දියුණුවට අකුල් හෙළමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.
රට භාරගැනීමේදී භාණ්ඩාගාරය හිස්වී තිබූ බවත්, රට ණය උගුලකට ලක්කර තිබූ බවද අමාත්‍යවරයා පැවසී ය. මේ නිසා භාණ්ඩාගාරය ශක්තිමත් කර ණය උගුලෙන් බේරෙන තෙක් ජනතාව යම් කාලයක් ඉවසාගෙන සිටිය යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.
මෙම විරෝධතා රැලියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් විශාල පිරිසක් සහ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාද සහභාගී වී සිටියහ.

No comments:
Post a Comment