ආණ්‌ඩුවට එරෙහිව කොළඹ, හයිඩ්පිටියේදී මෙම 17 වැනිදා පවත්වන ජන සටන විරෝධතා රැලියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් හතළිස් එක් දෙනාම (41) කුමන අභියෝග පැමිණියද නියත වශයෙන්ම සහභාගි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්‌ථානයේ ඊයේ (15දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
මෙම රැලිය පවත්වන්නේ එ. ජා. ප ආණ්‌ඩුව පලවා හැරීමට මිස ශ්‍රීල. නි. ප. ය කැඩීමට නොවන බව පැවැසූ අලහප්පෙරුම මහතා යූ. එන්. පී. විරෝධී රැලියකට එක්‌වීම පක්‍ෂයේ විනය කඩකිරීමක් කියා තමා කිසි ලෙසකත් නොසිතන බවත් කුමන අභියෝග පැමිණියත් ශ්‍රී ල. නි. ප. ආත්මය වෙනුවෙන් පෙනී සිටින බවත් සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්‍ෂය මෙම රැලිය සංවිධානය කර තිබෙන්නේ ගොවි සහන කප්පාදුවට, රණවිරු දඩයමට, ජනමාධ්‍ය මර්දනයට, එට්‌කා ගිවිසුමට හා මැතිවරණ කල්දැමීමට එරෙහිව බවත් සඳහන් කළ ඒ මහතා ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන දේශපාලන පක්‍ෂවලට අමතරව තවත් දේශපාලන පක්‍ෂ හා බහුජන සංවිධාන රාශියක් හා මේ රටේ දෙමළ හා මුස්‌ලිම් “ජනතාව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ ගණනාවක් මේ රැලියට එක්‌වීමට කැමැත්ත පළ කර ඇතැයි කීවේය.
මහජන සේවක පක්‍ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතාද මෙයට එක්‌වනු ඇතැයිද ඒ මහතා පැවසීය. රටපුරා සිටින ශ්‍රීල. නි. පයට ආදරය කරන ගෞරව කරන ප්‍රගතිශීලී දේශපාලනය වෙනුවෙන් පෙළ ගැසුණු සියලු දෙනාට මෙම රැලියට සහභාගි වන ලෙස ආරාධනය කරන බවද හෙතෙම පැවැසීය.
ඉතිහාසය විසින් ශ්‍රී ල. නි. ප යට නිර්දේශ කරන්නේ යූ. එන්. පී. විරෝධී දේශපාලනයක් බැවින් පක්‍ෂයේ එම ආත්මීය ප්‍රකාශය වෙනුවෙන් කිසිදු චකිතයකින් තිගැස්‌මකින් තොරව තම මන්ත්‍රී කණ්‌ඩායම පෙනී සිටින බවත් පැවැසීය.
අනුර බාලසූරිය
Wednesday, March 16, 2016
17 ජන අරගලයට ශ්‍රිලනිප මන්ත්‍රින් 41ක්-මහින්ද සමග සෝමවංශත් සටනට එයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment